රාජිත යුගයේ ඩෙංගු වාර්තාවක්.. දිනකට ඩෙංගු රෝගීන් 150ක්.. මේ වසර තුල පමණක් ඩෙංගු රෝගීන් 44,822ක්…

November 14, 2016 at 7:06 am | lanka C news | ලංකා සී නිවුස්
රාජිත යුගයේ ඩෙංගු වාර්තාවක්.. දිනකට ඩෙංගු රෝගීන් 150ක්.. මේ වසර තුල පමණක් ඩෙංගු රෝගීන් 44,822ක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීෙමි ප‍්‍රවණතාවයක් දක්නට ලැබුන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි. ඒ අනුව විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් කළාපවල මදුරු කීටයන් වැඩි වශයෙන් දක්නට ලැබුන බව ඒ මහතා සදහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුල ඩෙංගු රෝගය පැතිරීෙමි අවධානමක් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කල අතර, ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 10 සහ 11 යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

ඒ අනුව පසුගිය 10 සහ 11 යන දෙදින බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 12,056 ක් පරික්ෂාවට ලක්කර මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 506 ක් සොයාගන්නා ලදි. එහිදී පරිශ‍්‍ර 1,565 ක් නිවැරදි කිරීමටත්, 867 කට නොතීසි නිකුත් කිරිමටත්, 316 කට නඩු පැවැරිමට ද කටයුතු කරන ලදි.

2016 වර්ෂයේ ජනවාරි සිට ෙමි දක්වා ඩෙංගු රෝගීන් 44,822 ක් හමු වී ඇති අතර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

– නිපුන් ඒකනායක

2,726 Viewers

One Comment to “රාජිත යුගයේ ඩෙංගු වාර්තාවක්.. දිනකට ඩෙංගු රෝගීන් 150ක්.. මේ වසර තුල පමණක් ඩෙංගු රෝගීන් 44,822ක්…”

  1. ExUNPer says:

    යකෝ කට වහගනිල්ලා…ඒක මහින්දගෙ වරද !

Main News