මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූ නිසා ආසන 46කින් රනිල් අගමැති වුනා.. නැත්නම් අපි මන්ත්‍රීවරු 146 දෙනා රනිල් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ..- SB

January 14, 2018 at 12:05 am | lanka C news
මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූ නිසා ආසන 46කින් රනිල් අගමැති වුනා.. නැත්නම් අපි මන්ත්‍රීවරු 146 දෙනා රනිල් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ..- SB

‘අපි එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වු පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති කලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ආසන 46 කින් අගමැති වුනා.

නැත්නම් පලවෙනි පාර්ලිමේන්තුව කැදවීමේදිම රනිල් අගමැති කමින් අපි ඉවත් කරනවා. මොකද අපේ මන්ත්‍රීවරු 146 දෙනෙකු සංධානයේ සිටියා.

ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ නායකත්වය ගත් නිසා ඒක ව්‍යාර්ථ වුනා යයි අමාත්‍ය එස් බි දිසානායක ” සිරස” රූපවාහිනියේ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදි පැවසිය.

තමන් මෙන්ම අංක ගණිතය ගැන අවබෝධයක් ඇති ඕන කෙනෙකුට ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයට තිබුන ඡන්ද 24 ලක්ෂය ගැන අවබෝධයක් ඇති බවත් එදා මෛත්‍රීපාල සිරිසේන මහත එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවූයේ නම් කිසි කලක එක්සත් ජාතික පක්ෂයට බලයට ඒම නොහැකිවනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

9,356 Viewers

4 Comments to “මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූ නිසා ආසන 46කින් රනිල් අගමැති වුනා.. නැත්නම් අපි මන්ත්‍රීවරු 146 දෙනා රනිල් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ..- SB”

  1. "ෂෝ-බිත්ත" says:

    **මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූ නිසා ආසන 46කින් රනිල් අගමැති වුනා..
    නැත්නම් අපි මන්ත්‍රීවරු 146 දෙනා රනිල් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ..-
    “හඟුරක්කෙත වන විනාශකාරයා..”

    **මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූ නිසා චන්ද 46කින් සමෘධියා ආයිත් පාර්ලිමේන්තුවට ආවා…..
    නැත්නම් අපි චන්දදායකවරු 60 ලක්‍ෂයක් මේ හොරාට පාර්ලිමේන්තුවට යන්න ඉඩ දෙන්නේ නෑ..-
    “විල්පත්තු වන විනාශකාරයා”

  2. Nandasoma says:

    ඒක තමයි ගොනෝ මෛත්‍රී කරපු ලොකුම වැරැද්ද..!

    කවදාවත්ම අගමැති වෙන්න බැරිව හිටිය රනිල්ව හොර පාරෙන් අගමැති කරපු එක…..!!

    මෙහෙම එකෙක්ව පත්ෂ නායක කමේ තියාගෙන ඉන්න ශ්‍රී ලංකා කාරයින්ට ලැජ්ජ නැද්ද…?
    දිනන ඕනැම කෙනෙක් ශ්‍රී ලංකා එකේ නායකය වෙනව කියල කොහෙද තියෙන්නෙ..??
    පක්ෂය කඩා ගෙන ගිය මිනිහෙකුට ඒ පක්ෂයේම නායක කම දෙන එක හරිද???

    වහාම සිරිසේනව පක්ෂ නායකත්වයෙන් අයින් කරන්න ඕනැ…!!!

  3. බන්ඩා says:

    මූ සිංහලෙන් බොරු කියන්නෙ ලංකාවෙ හැ මිනිහම හරකෙක් කියල හිතාගන. රනිල් අගමැති උනේ සිරිසේන ජනිධිපති හැටියට දිවුරැම් දුන් පළමු දවසෙමය්. එදා ඉඳන් ඊලඟ චන්දෙ එනකන් පාර්ලිමේන්තු බහුතරය තිබුනෙ ශ්‍රිලනිප ටය්. මූ වගේ දෙපැත්ත කන උන් බලන් හිටියෙ අැමති කට්ටක් සූප්පු කරන්නය්.

  4. Upali says:

    බලයට එන්නත් සහ බලයේ රැඳී ඉන්නත් බොරුම කිවයුතු බවත් මෙයත් කියන තවත් පල් බොරුවක් බව තේරුම් ගන්න බැරිද. චන්දෙන් පසු මොවුන් සහ එජාපෙ එකතු වී ප්‍රා සබාවල බලය ගැනීම සඳහා දැපැත්තේම තමන්ගේ චන්ද කැඩෙන උන් රඳවා ගැනීමට දාන බොරු මැජික්.

Leave a Comment

Main News