මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකක්වය පිලිගනු..- පොහොට්ටු පක්‍ෂය 16 කණ්ඩායමට නිල වශයෙන් දන්වයි..

May 21, 2018 at 10:45 pm | lanka C news
මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකක්වය පිලිගනු..- පොහොට්ටු පක්‍ෂය 16 කණ්ඩායමට නිල වශයෙන් දන්වයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ද විපක්‍ෂයට එක්වන ඕනෑම අයෙක් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිලිගත යුතු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

නායකයන් දෙදෙනෙක් සිටිය නොහැකි බවත් සිටිය යුත්තේ එක් නායකයෙක් නායකයෙක් බවත් ඔහු මහින්ද රාජපක්‍ෂ පමණක් බවත් ඒ මහතා පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ‍්‍රිලනිප 16 දෙනා සමග පැවැත්වීමට නියමිත සාකච්චා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඉදිරි මැතිවණ සදහා තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවත් තම පක්‍ෂ කොන්දේසි පිලිගත හැකි ඕනෑම අයෙකුට දොර විවෘත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

15,816 Viewers

4 Comments to “මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකක්වය පිලිගනු..- පොහොට්ටු පක්‍ෂය 16 කණ්ඩායමට නිල වශයෙන් දන්වයි..”

  1. මෛත්‍රී says:

    SLFP එන එකෙක්වත් ගන්න එපා.උන් රට පාවලාදුන්නා. ජනතාව ඔය එකෙකුටවත් චන්දෙදෙන් නැ මොන පක්ෂයෙන් ආවත්. පොහොටුවට මුනිව ගත්තොත් කෙලවගන්නවො

    • cim says:

      pissu yakek ne G.L kiyanne, ekath giye ekale UNP ekata

    • ජනිත says:

      මුන් සේරම හොරු… දිනන පැත්තට පනින… මුන්ව ගත්තොත් අපේ ඡන්දෙත් නෑ

  2. chandapala says:

    වියයුත්හේ එය තමයි. 2015දී අලි නැට්ටේ එල්ලුනා . 2020දී එය නැතිවෙනවිට මහිදගේ ඇඟේ එල්ලෙන්නයි හදන්නේ. රැවටෙනවා එහෙම නෙමෙයි.

Main News