මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය අලුත් පාරකට හැරේ.. ශෂී වීරවංශගෙන් ප‍්‍රශ්න කරයි.. විමල් වීරවංශගේ නමත් කියැවේ.. ඉන්දීය ජාතිකයා හෙලිදරවුවක..

October 10, 2018 at 9:20 am | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය අලුත් පාරකට හැරේ.. ශෂී වීරවංශගෙන් ප‍්‍රශ්න කරයි.. විමල් වීරවංශගේ නමත් කියැවේ.. ඉන්දීය ජාතිකයා හෙලිදරවුවක..

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන්ද ඉදිරි සතියේ ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා අවස්‌ථා කීපයකදී විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ඒ මහතාගේ බිරිඳ මුණ ගැසී ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ විමල් වීරවංශ මහතා හමුවීමේ අදහසින් තමන් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසුණු බවයි.

විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන ඇතැයි තමා පුවත්පත්වලින් දුටු බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මහතා හමුවීමට උත්සාහ කළ බවත් සැකකාර ඉන්දීය ජාතිකයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

එහෙත් මෙම පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගත බවත් එම කරුණු නිරාකරණය කර ගැනීමට ශෂී වීරවංශ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ පැවැති බවද සැකකාර ඉන්දීය ජාතිකයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීම අනුවය.

සැකකාර ඉන්දීය ජාතිකයා මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියි.

– Divaina

44,917 Viewers

13 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය අලුත් පාරකට හැරේ.. ශෂී වීරවංශගෙන් ප‍්‍රශ්න කරයි.. විමල් වීරවංශගේ නමත් කියැවේ.. ඉන්දීය ජාතිකයා හෙලිදරවුවක..”

  1. Dev says:

    Kujithage mara game ne tiyenne

  2. ගන්ජ බන්ඩා says:

    රනිල් ග‌ෙ ‘යහපාලන’ CID ඇබිත්තය‌ො ටික කුමන්ත්‍රණ අච්චාරැව ෆෘට් සැලඩ් එකක් ක‌ොරන හැඩය්.

    • Kamal says:

      ඉන්දියන් කාරයා සසී මැතිණිය හමුවූයේ කුමකටද? රැඳී සිටින්න්න ගන්ජ බන්ඩා ඊ ලග කැල්ල තවත් රසවත්. 😀

      • ඉන්දියන් කාරයා සසී හම්බවෙලා රුධිරපීඩනය සහ අංගෝපාංග දෘඩකරන බෙහෙතින් ගැලවුනා කියන්නෙ ඌට දිර්ඝායුෂ තියෙනවා.

  3. ane pidu situ says:

    eelangata enne sashige aiyyage nama..a kiyanne Parliament bomba gahapu Ajith Kumarage nama

  4. lankikaya says:

    meka alima boruwak minisun GOTABAYA meruwath, maitree meruwath ranil meruwath mahinda meruwath thutttuwatawath ganan ganne netha. 80% SATHUTUU WEYI. mun okkoma jana peedakayo tax salliwalin rajasepa windina ayayi MAHINDA RATATA ADAREDA??? PADI DEKAK GANNAWA NILA NIWASA , DEEMANA , PETROL PHONES AADIYA SAMPOOOOOOOORNAYENMA GANNAWA. MUN RATATA ADAREDA?
    SITH BAKLANNA MODA MINISYNE

  5. Wikramabahu says:

    den pehedilii meka anduwema kumantranayak. namal nalaka poojitha sirisena me okkoma ranige muppets la wage. raw karayoth oke ethi.

  6. sun says:

    What about the DIG ??? Is he arrested yet???

  7. Nim says:

    RANIL THAWATH MAGADIYAK
    NATANNI HADANNE
    HAMA THANAMA GA GENA NEDA ?

  8. Alapaluwa says:

    මේ ඉන්දියන් ජාතිකයා රෝ ඔත්තු සේවාවට අයත් පුද්ගලයෙක්.ප්‍රථමයෙන් මොවූ ගේ මේ ගැන සොයා බලන්න.මොන හේතුවකට කාගේ වුවමනාවකට පැමිණි ඇත්දැයි කියා.එය වෙන සොයා බැලිය යුතුයි මුලික කාරනාව යටපත් නොකර.නාලක සිලවගේ කථාව සහා මෙය කථා දෙකක් බව පැහැදිලියි.

    • මේ සියල්ල දත් බයියගෙ ගොට්ටෙක්. මෙයා හරියටම දන්නවා මේ රෝ ඔත්තුකාරයෙක් බව.මේකව අල්ලගෙන ටිකක් ප්‍රශ්න කලානම් ඔය සුලමුල හරියටම දැනගන්න තිබුනා.

  9. mahinda says:

    පුදුමයි ඌ බෙරිලා ගිය එක නැත්නම් වියාග්‍රා බීල මැරෙන්නයි වෙන්නේ.

  10. හේමන්ත says:

    මේ ඔක්කොම මහ බැංකු මහා බැඳුමකර වංචාව වහගන්ඩ ගහන තුරුම්පු.
    කොහොම වුනත් මෙව්වා සම්ප්‍රප්පලාප බව මොලේ කලඳක් හරි තියෙන ඕන කෙනෙකුට තේරේනවා.

    ෂුවර් එකටම මෙම නාටකයේ අත්පිටපත එක්කෝ නැවු හොරාගෙ නැත්නම් ගල් අඟුරු හොරාගෙ.

    උන් දෙන්නම ප්‍රබන්ධ කථාවලට කප් ගහපු එවුන්!

Leave a Comment

Main News