මෛත‍්‍රී ජනාධිපති වූ පසු රටට දැනෙන ජයග‍්‍රහණ කිසිවක් නෑ.. 19 සංශෝධනය කලබලේට සම්මත කල නිසා අද ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා..

June 12, 2018 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති වූ පසු රටට දැනෙන ජයග‍්‍රහණ කිසිවක් නෑ.. 19 සංශෝධනය  කලබලේට සම්මත කල නිසා අද ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ අනුග්‍රහයෙන් ගෙන එන කූට වැඩ පිළිවෙලක් බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඊයේ (ජුනි 11) රත්නපුර නව නගරයේ දේශපාලන ක්‍රියාකාරී රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධීකරණයෙන් පාර්ලිමේන්තුවෙන් පමණක් සංශෝධනය කිරීමට ඉඩ ලබා නොදුන් විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉතාමත් සුක්ෂම ලෙස  කප්පාදු කරමින් අගමැතිවරයාට එම බලතල පවරාදීම 20 වෙනි සංශෝධනය තුළින් සිදුවන බවත්  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘ජනතා විමුක්ති පෙරමුණ මේ 20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ඔවුන්ගේ දේශපාලනික උපාය මාර්ගයක් ලෙසයි.ඔවුනට ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව කිසිදා ජයග්‍රහනය කළ නොහැකිවීම,ඔවුන් මැතිවරණයට තීරණාත්මක බලපෑමක් සිදුකිරීමට නොහැකිවීම,පාර්ලිමේන්තුව අස්ථාවරවීම තුළ ඔවුනට පක්ෂයක් ලෙස එහි වාසිය ලබා ගැනීම යනාදී කරනු මේ සඳහා හේතු වී තිබෙනවා.

ඒ වගේම 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කර ලබා ගත් දේශපාලන බල හුවමාරුව තුළ රටට දැනෙන ජයග්‍රහන කිසිවක් අත්පත් කර දීමට අසමත් වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය බරපතල අර්බුදයකට ගිහින් තියෙනවා.එම නිසා එම දේශපාලන අර්බුදය සමනය කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යාය පත්‍රයට සූක්ෂම ලෙස සහය දැක්වීමට අද ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරමින් සිටිනවා’සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,

‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරනව නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් ඒ හා සමගාමීව වෙනස් කළ යුතුමයි.එසේ නොවුනහොත් රට සම්පූර්ණයෙන්ම අස්ථාවර වීමත් රට අරාජික වීමත් වලක්වා ගත නොහැකියි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි කඩිමුඩියේ සංශෝධනය කිරීමෙන් යම් යම් ගැටළුකාරී තත්වයන්  අද උද්ගතව තිබෙනවා.කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී 19 වෙනි සංශෝධනයේදී සිදු කළ සංශෝධන නිසා අද ගැටළු මතුව තිබෙනවා.

20වෙනි සංශෝධනයෙන් අගමැතිගේ උපදෙස් මත ජනාධිපති කැබිනට් මණ්ඩලය පත් කිරීමට යෝජනා කරනවා.ඒ කියන්නේ ජනාධිපතිට  තියෙන්නේ අත්සන් කරන්න විතරයි තියෙන්නේ.ඒ වගේම අපි දැක්ක පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලය තුළ රටට අහිතකර යෝජනා ගණනාවක් විසිකරන්න ජනාධිපති වරයා කටයුතු කලා.ඒවා අතර සමලිංගික යෝජනා,රාජ්‍ය සම්පත් විකුණන යෝජනා තිබුණා.දැන් නව යෝජනා අනුව ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා නොවෙයි.ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්නෙත් නෑ.මේ අනුව සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති බලතල අගමැතිට පවරලා තියෙනවා.ඒ වගේම 20 තුළ තිබෙන්නේ රටේ ජනතාවට තමන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ පරමාධිපත්‍ය බලය අහිමි කරවීමේ වැඩපිළිවෙලක්.

අපි පැහැදිලිවම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි.ඒ වගේම අපේ රටේ බහුතරයක් මහා සංඝරත්නය,සුළු ජාතික පක්ෂ ,විද්වතුන්,සිවිල් සංවිධාන නියෝජිතයන් 20ට විරුද්ධව පෙළගැසී සිටිනවා.ඒ අනුව මේ සංශෝධනය අනිවාර්යයෙන්ම අපි පරාජය කරනවා’සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

12,523 Viewers

6 Comments to “මෛත‍්‍රී ජනාධිපති වූ පසු රටට දැනෙන ජයග‍්‍රහණ කිසිවක් නෑ.. 19 සංශෝධනය කලබලේට සම්මත කල නිසා අද ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා..”

  1. SUNIMAL says:

    මැතිසබයේ ආසන 6ක් පමනක් තිබෙන වසලයන් කියන ඒවා ගණන් ගන්න එපා

  2. Lapaya says:

    Anathayo. Ellenna thanak hoyayi.

  3. Love nature says:

    දැවැන්ත පරිසර පද්ධති විනාශයකට හේතු වන බවට මේ වන විට හඳුනාගෙන ඇති කටුපොල් වගාව උඩරට ප්‍රදේශවල ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවත් ඒ සඳහා ජනතාව හඬ නැගිය යුතු බවත් මානව සංවර්ධන සංවිධානයේ පවසයි.

  4. Palitha says:

    බණ්ඩාරනායක පවුලේ වලං හෝදපු උං අද වැඩකාරයෝ වෙන්ඩ හදනවා……..!!!

  5. Kasun says:

    මැතිසබයේ ආසන 6ක් පමනක් තිබෙන වසලයන් කියන ඒවා ගණන් ගන්න එපා

  6. අයි මාමේ මහා බැංකුවත් බින්දේ says:

    අයි මාමේ මහා බැංකුවත් බින්දේ ? උන් බින්දා. මූ වැහුවා. ඒකම මදිද? තව හිටියොත් රටම ගිලිනවා. කොටියන්ට බිලි දෙනවා. නිදන් හාරනවා. ඔන්න කෙලි.

Main News