මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක හමුවක්…

November 11, 2017 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක හමුවක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් සිදුවන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහෙත් මෙම නායක හමුවේදී දෙපක්ෂය එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දෙපක්ෂයේම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් ගණනාවකගේ මැදිහත්වීම මත හමුව සිදුවන බව සඳහන්ය.

මෙම සාකච්ඡාවට පෙර බැසිල් රාජපක්ෂ මහතා මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ඇමැතිවරුන් මුණගැසී මූලික එකඟතා ඇතිකරගෙන තිබිණි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවලට එකඟ නොවී නව කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ශ්‍රීල.නි.ප.යෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙපක්ෂයේ කතාබහ ඉදිරියට ගෙනයාමටත් කමිටුවක් පත් කැරිණි. එම කමිටුව සී. බී. රත්නායක, බැසිල් රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

මේ වනවිටත් ශ්‍රීල.නි.ප.යෙන් සාකච්ඡා සඳහා කමිටුවක් නම්කර තිබේ. එහි ප්‍රධානියා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. ඩිලාන් පෙරේරා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටු එක් වී කරන කතාබහ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අවසන් තීරණය ගැනීමේ බලය පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය මහ මැතිවරණයේදී තම කණ්ඩායම ලැබූ අත්දැකීම් නිසා ශ්‍රීල.නි.ප.යට දැඩි කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ හෝ පැවැත්වීමට එකඟ වී තිබෙන නායකයන් දෙදෙනාගේ හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ පමණක් සහභාගී වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

– Deshaya

24,919 Viewers

14 Comments to “මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක හමුවක්…”

  1. පොදු මිනිහා says:

    පට්ට බොරුවක් මහින්ද හෝ බැසිල් මෛත්‍රීගේ ගුලි කන්නේ නැහ. පසුගිය අගෝස්තු මැතිවරණයේදිත් ඔය විදියට ඇවිත් රාජපක්ෂලා රැවට්ටුවා.

    • පංචසිඛ says:

      ආප්ප න්‍යාය හා පිටුපසින් පිහියෙන් ඇනීම සැමටම පුළුවන් බව පෙන්වීමට කදිම අවස්ථාවක් කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. මුලින් කැමතිවෙලා අන්තිම මොහොතෙ බෑ කියන එක තමා නියම පාඩම.

      සෘජුකං සෘජුකං චයිව..
      වංකං වංක මේවච…

    • Samarapala says:

      මහින්ද ජනපති තුමාට 2009-05-19 ටත් සිරිසේන ජනපති තුමාට 2015-01-08 ටත් නැවත යා නොහැක. අද කල යුත්තේ මහින්ද අගමැති කර චන්දයට යාම පමනි.

  2. daham says:

    me pacha walata minissu rawatenne naha. ra watunu wale dawal watunawanam ekabaddha vipakshayata aba saranayi.

  3. Nim says:

    ” JANATHAWA PAWA DENNA APA ”
    NAWATHA LANU KAWOTH PADUWA
    KATADA ? RATE BAHUTHARAYA AKA BADDATA BAWA AMATHAKA KAROTH
    WANA APARADAYA TA WAGA KIYANNE KWURUDA ?

  4. Obamara says:

    Cheenaya saha Americawa karata atha dagena inna welawe meka puduma wwent deyak ne.

  5. Park says:

    Mekada kathakarapu MEGA DEAL?

  6. Shan says:

    මහින්ද මෛත්‍රීපාල සෙට් වෙලා ඡන්දෙ ඉල්ලුවොත් ලැබෙන්නේ නැත

  7. Pemasiri says:

    Power of MS will be over for ever after his period as the president.
    UNP will never support him , neither the gang of SLFP opportunistics will be able to make him president.
    So he has to find a way through MR.

  8. Sadda says:

    Slfp eka eelanga chanden wena antha parajaya walakaganna dangalana dengalillata ahu wenna epa. Unta janathawage hadagesma denaganna idaharinna.

  9. සකල විකල ගුලි අබරං බැරි තැන ආප්පය අමතකකොට ලැවරිය කැම සැරසෙන ගුලි සිරීසේන අරහං කලදුටු කල වල ඉහගන්නා හිටං ????????????????????

  10. Swing Voter says:

    We will not vote in these scenarios:

    1. Appaya+Ranil+CBK+Mahinda = No Votes
    2. Appaya+CBK+Mahinda = No Votes
    3. Appaya = No Votes At All…No Way
    4. Ranil+UNP+Ponseka+Patalee

    5. Mahinda = Yes We Can

  11. Nandasoma says:

    පට්ට බොරුවක් මහින්ද හෝ බැසිල් මෛත්‍රීගේ ගුලි කන්නේ නැහ. පසුගිය අගෝස්තු මැතිවරණයේදිත් ඔය විදියට ඇවිත් රාජපක්ෂලා රැවට්ටුවා.

    ජනතා සහාය ලබා ගැනීමට නොහැකි, ඉදිරියේදී අනිවාර්යයෙන් පරාජය වීමට නියමිත ඇමති වරු සැමදාම බලයේ සිටීමට ගන්නා උත්සාහයට හසු නොවී සිටීමත් එම උත්සාහය පරාජය කිරීමටත් සැබෑ විපක්ෂයට හැකි විය යුතුය…!

    රජයට සහාය දෙමින් රටම විකිණීමට, මැතිවරණ කල් දැමීමට විපක්ෂ මන්ත්‍රීවරු ඉවත් කිරීමට සහ සහාය දෙන රජය සමග එකතුවී ඔවුන්ට ගරහන, මහ බැංකු හොරුන් සහ අනෙකුත් හොරුන් ආරක්ෂා කරන, අලගිය මුලගිය තැන් හොයන අය ගේ ගැට වලට හසු නොවන්න.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නේ නම් පමණක් එකතු වීමට එතඟ වන්න. එසේ නැතිනම් තනිව තරඟ කරන්න….

  12. ආප්ප න්‍යාය says:

    හවසට ආප්ප කාලා කරඩුවට අත තියලා දිවුරලා පිහියෙන් ඇනපන්කෝ මගේ දෙය්යා.

Leave a Comment

Main News