මොණරාගල දිසත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් ජලය සපයයි..

October 18, 2016 at 2:03 am | lanka C news | ලංකා සී නිවුස්
මොණරාගල දිසත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් ජලය සපයයි..

දැඩි නියඟයෙන් පීඩා විඳින මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් අවශ්‍ය ජලය ලබාදෙන වැඩසටහන තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ අධීක්ෂණයට  ලක්වේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදාකළමණාකරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය සමග  මේ පිළිබදව සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදුන්නේ නියගයෙන් පීඩා විදින සෑම ගම් ප්‍රදේශයකටම හැකිතරම් ජල බවුසර් පිටත් කරන ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල, හම්බෙගමුව, සියඹලාණ්ඩුව, තණමල්විල, සෙවණගල, ඇතිමලේ, කොටියාගල, බඩල්කුඹුර, බුත්තල, වැල්ලවාය ඇතුළු ප්‍රදේශ රැසක ගම්මාන විශාල සංඛ්‍යාවක් පසුගිය කාලය තුළ පැවති දැඩි නියගය හේතුවෙන් එම ගම්මානවල ජීවත්වන පවුල් දැඩි පීඩාවකට පත්වී සිටී.

මේ අතර නියඟයෙන් පීඩාවට පත්ව සිටින පවුල් සදහා ජලය ලබාදීම සදහා ජල බවුසරයක්ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් මොණරාගල ග්‍රාමීය සංවර්ධන සහ සමාජ සුභසාධන සමූපකාර සමිතියට ලබාදෙන ලදී. මෙය පසුගියදා සිදුකෙරුණේ මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදීය.

සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ විමධ්‍යගත මුදලින් ලබාදුන් මෙම ජල බවුසරය සඳහා වැයවුණු මුදල රුපියල් තුන්ලක්ෂ පනස්දහසකි.

මෙම අවස්ථාවට ඌව පළාත් සභා ක්‍රිඩා හා යෞවන කටයුතු, සංවාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කඩාකර්මාන්ත අමාත්‍ය සාලිය සුමේධ මහතා, මොණරාගල ප්‍රාදේශිය ලේකම් උපාලි ජයසේකර මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු ඩබ්ලිව්. එම්. හෙට්ටිආරච්චි මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමියගේ සම්බන්ධිකරණ ලේකම් එම්. පී. ප්‍රේමසිරි මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමියගේ සම්බන්ධිකරණ ලේකම් චන්ද්‍රසිරි රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– ප්‍රසාද් මංජු

1,222 Viewers
Main News