මොරගහකන්දට යටවු ඉඩම්වලට වන්දි නොදුන්නැයි ගම්වාසීන් උද්ඝෝෂණයක..

December 12, 2017 at 5:30 pm | lanka C news
මොරගහකන්දට යටවු ඉඩම්වලට වන්දි නොදුන්නැයි ගම්වාසීන් උද්ඝෝෂණයක..

මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321 කට අයත් ගොවින් පිරිසක් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී උදඝෝෂනයක නිරත විය.

සිය ඉඩම් වලට සරිලන වන්දි මුදලක් ලබානොදීම හා අ`දගොවින්ගේ හා සින්නක්කර කුඹුරු හිමිකරුවන්ගේ ඉඩම් ස`දහා මේ වන තෙන් විනකල්ප ඉඩම් ලබානොදීම යන කරුණු මුල්කර ගනිමින් උද්ඝෝෂකයෝ පැයකට ආසන්න කාලයක් ව්රෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝනයේ නිරත වූහ.

මොරගහකන්ද ජන අයීත්න සුරැුකීමේ සංවිධානය සහ නාඋල ජන අයීතින් සුරැුකීමේ සංවිධානය උද්ඝෝෂනය සංවිධාන කර තිබිනි.

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ උද්ඝෝෂනය හේතුවෙන් රථ වාහන ගමනාගමන එක් මන් තීරූවකට සීමා වූ අතර නාඋල පොලිස්ථානයේ නිලධාරීන් විසින් එම තත්ත්වය පාලනය කරන ලදී.

පැයක පමණ කාලයක් උද්ඝෝෂනයේ නිරත වූ උද්ඝෝෂකයින් අතරට දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහ කුඹුර මහතා පැමිණි අතර පසුව ඔහුගේ මැදිහත්වීම යටතේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී. විජේරත්න මහතා උද්ඝෝෂකයින් අතරට පැමිණියේය.

උද්ඝෝෂකයින්ගෙන් පිරිසක් හා ව්‍යාපෘතියේ නියොජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර මහතා ඇතුළු මොරගහකන්ද ව්‍යාපෘති නිලධාරීන් සමග නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පසුව සාකච්ඡුාවක් පැවැත්විනි.

එහිදි උද්ඝෝෂකයින් කියා සිටියේ මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබ`ද තමන්ට ගැටළුවක් නොමැති බවත් ජලාශයට යටවන පුද්ගලයින්ගේ ඉඩම්වලට සාධාරණය ඉටුවිය යුතු බවයි.

පැයකට ආසන්න කාලයක් ඇදීගිය සාකච්ඡ වලින් අනතුරුව මොරහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී.විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් උද්ඝෝශකයින්ට ගබාදෙන ලදී.

ලබන විසිදෙවැනිදාට පෙර මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් ලබාදෙන බව පැවසීමෙන් පසුව උද්ඝෝෂනය නිමාවට පත්විය.

කෙසේ වෙතත් ලිපිය භාරදීමෙන් පසු උද්ඝෝෂකයින් කියා සිටියේ මෙම ලිපිය ද හුදු ලියවිල්ලක් පමණක් උවහොත් ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවයි.

– ඉන්දික අරුණ කුමාර

2,370 Viewers
Main News