මොරගහකන්ද ආසන්නයේ අලි සියයක පමණ රංචුවක්.. ගමන් කරන්නන්ට දැඩි අවදනම් වන්නැයි දන්වති..

June 11, 2018 at 2:09 am | lanka C news
මොරගහකන්ද ආසන්නයේ අලි සියයක පමණ රංචුවක්.. ගමන් කරන්නන්ට දැඩි අවදනම් වන්නැයි දන්වති..

මොරගහකන්ද ජලාශය ආසන්නයේ මේ දිනවල නිරන්තරව ගැවසේන වන අලි සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සදහා ප‍්‍රචාරක පුවරු සවිකරයි.

ප‍්‍රදේශය හරහා සවස 6 පමණ වන විට වන අලි සියයක පමණ රංචුවක් නිරන්තරව සැරිසරණ බව වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය සදහන් කළේය.

මෙරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරිම හේතුවෙන් මින්නේරිය හා කන්තලේ ප‍්‍රදේශ වලට ජලය ලැබී තිබේ.

මේ හේතුවෙන් වස්ගමුව ජාතික වානෝද්‍යානය වෙත ගමන්ගත් අලින්ගේ අලි මණ්කඩවල් ඇහිරි ඇතැයි වන ඇලහැර ජීවි කාර්යාලය සදහන් කළේය.

එහි වනසත්ව අඩවි ආරක්ෂ රංජිත් කේ විජිත මහතා කියාසිටියේ මොරගහකන්ද ප‍්‍රදේශය පසුකර යන පුද්ගලයින් මේනම රථ වාහන ද සවය හයෙන් පසු ඉතා අවධානයෙන් ගමන් කල යුතු බවයි.

මේ වන විට ප‍්‍රදේශයේ ප‍්‍රචාරක පුවරු 80 ක් පමණ සවිකර ඇති බව ද හෙතෙම සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

4,806 Viewers

2 Comments to “මොරගහකන්ද ආසන්නයේ අලි සියයක පමණ රංචුවක්.. ගමන් කරන්නන්ට දැඩි අවදනම් වන්නැයි දන්වති..”

  1. රජින්ද says:

    මහා මුඩුම පිසාචයින් ටිකක් මේ රට පාලනය කරන්නේ සහ කලේ. ඔය එක පිසාචයෙකුටවත් උවමනා උනේ නැහැ මේ රටේ ගහක් හිටවන්න, පරිසරය සමතුලිත කරන සත්වයින් රැකගන්න. එකෙක් හම්බන්තොට වන අලි සහ අනෙක් වන සත්තුන්ගේ නිජ භුමියේ ගිහින් එයාපෝට් එකක් ගැහුවා දැන් හම්බන්තොට වනජීවීන් ටික අනතුරේ. උන්ගේ ආණ්ඩු කාලෙම විල්පත්තුව කප්පවන්න ඉඩ දුන්නා දැන් ඒ පැත්තේ වනජීවීන් අනතුරේ. උමාඔය කියල මගුලක් හදලා ප්‍රදේශයක් කාල දැම්මා. අන්තිමට මොරගහකන්ද නිසා තවත් වන ජීවීන් අනතුරේ හෙලුවා. සංවර්ධනය කලාට කමක් නැහැ මේ රටේ පරිසරය රැකගෙන. එත් ඔය එක පරයෙක්ටවත් ඒකට උවමනාවක් තිබුනේ නැහැ. දැන් අපා-දෙපා-සිවුපා සියලු සතුන් අර පරයින්ගේ පව් ගෙවනවා.

  2. Aceman says:

    ඔන්න ඔය ඉන්න මිනිස්සුන්ගෙන් දැඩි අවදානමක් කියල අලින්ට කිව්ව නම් ඊට වඩා වටිනවා!

Leave a Comment

Main News