මෝටර් රථයක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වේ…

August 17, 2018 at 12:40 pm | lanka C news
මෝටර් රථයක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වේ…

යාපනය, අරසඩි ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබු කාර් රථයක් ඊයේ (16) රාත්‍රියේ හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාහ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අදාළ කාර් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී හදිසියේ ගිනිගෙන ඇති අතර, ගින්න කුමන හේතුවකින් හටගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නැත.

කාර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හෝ යම්කිසි පුද්ගලයෙකු ගිනි තැබීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතිය යාපනය පොලීසිය සැක පල කර සිටියි.

ගින්න හට ගැනීමෙන් අනතුරුව යාපනය මහ නගර සභා ගිනි නිවී‍මේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති අතර, ඒ වන විටත් කාර් රථය විනාශ වි ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදුවි නොමැති අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,163 Viewers

2 Comments to “මෝටර් රථයක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වේ…”

  1. සත්මල් says:

    මේවා කඩාකප්පල්කාරී ක්‍රියා නොවේ .සමහර හයිබ්‍රිඩ් වාහන වල බැටරි අදික රස්නයට ඔරොත්තු දෙන්නේ නෑ .ඒවා ගිනිගන්නේ ඒ නිසයි මෙය කාර් රථ වලට පමණක් නොවෙයි මෑතකදී සාදා බාවිතයට හදුන්වාදුන් Boeing 787 Dream liner කියන ගුවන් යානා වලද ගිනි ගැනීමට හේතුවක් .මෙම ගුවන්යානා වලද ඇත්තේ නවතාකෂණයෙන් සාදන ලද ලිතියම් බැටරි
    හයිබ්‍රිඩ් වාහන සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එපා අරගෙන අමාරුවේ වැටෙන්න එපා .බැටරිය දමන්න විතරක් නොවෙයි ඒවායේ පරිපත සහ ජෙනරේටරය පිච්චුනොත් සොරිම තමයි

  2. මේක තනිකරම උතුරේ ස්වයං පාලනය පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව සතු වීම නිසා සිදුවූ දෙයක් !!! ඉන්දියාවෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලනවා.

Main News