යතුරුපැදියක් හා පාපැදයක් ගැටී පාපැදිකරු මිය යයි…

August 28, 2017 at 2:18 am | lanka C news
යතුරුපැදියක් හා පාපැදයක් ගැටී පාපැදිකරු මිය යයි…

යාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ 209 වන කිලෝමීටර් කණුව අසළදී (26) යතුරුපැදි හා පාපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.

යතුරුපැදියක් සහ පාපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ  පාපැදිකරු පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි ඊ. බාලසිංහම් නැමති පුද්ගලයෙකි.

අනතුරින් යතුරුපැදිකරු ද තුවාල ලබා පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කනගරායම්කුලම් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

383 Viewers
Main News