යතුරුපැදි දෙකක් එකිනෙක හැපේ.. තරුණයන් තිදෙනෙකු එතැනම මිය යයි..

March 25, 2018 at 8:02 am | lanka C news
යතුරුපැදි දෙකක් එකිනෙක හැපේ.. තරුණයන් තිදෙනෙකු එතැනම මිය යයි..

අද අලුයම දුම්මලසූරිය ප‍්‍රදේශයේ සිදුව ඇති යතුරු පැදි අනතුරකින් තරුණයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත.

මාදම්පෙ කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාවදී සිදුව ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වන අවුරුදු 18 හා 19 වයස්වල තරුණයන් තිදෙනෙකි.

එක් යතුරුපැදියක් විසින් අනෙක පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

5,605 Viewers
Main News