යලි රාජපක්‍ෂ පාලනයකට ගමන ඇරඹුවා..- ගෝටා කියයි..

June 11, 2018 at 3:26 am | lanka C news
යලි රාජපක්‍ෂ පාලනයකට ගමන ඇරඹුවා..- ගෝටා කියයි..

ගෝල්ෆේස් හෝටලයෙදී පැවති ඉෆ්තාර් උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

සති කිහිපයකට පෙර බේරුවලදීත් මෙවැනිම ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීමෙ අවස්ථාව මට ලැබුන බව සතුටින් මතක් කරන්න කැමතියි. මා වගේම බැසිල් රාජපක්ෂ මහතාත් පසුගියදා ගාල්ලේදී ඉෆ්තාර් උත්සවයකට සහභාගී වුන අතර මහින්ද රාජපක්ෂ මහතා තම නිවසේදීම මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් එවැනි උත්සවයක් සංවිධානය කර තිබුනා.

ශුද්ධවූ රාමදාන් සමයේ අපේ හිතවත් මුස්ලිම් ජනතාව සමඟ මෙසේ එක්වන්නට ලැබීම අපට ඉමහත් සතුටක්.

මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමදාමත් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි ඔවුන්ගේ සැබෑ මිතුරෙක්.

1970 දි තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමයේ ප්‍රථම සභාපති ලෙස පත්වුනා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් පත් වූ අවස්ථාවේ ඔහු බාරගත්තේ වසර 25 ක ත්‍රස්ථවාදී යුද්ධයකින් බැටකා වියවුලට පත්වී තිබූ රටක්. රටේ සමස්ථ ජනතාවම එදා ත්‍රස්ථවාදයෙන් පීඩාවට ලක් වී සිටියා. උතුරු හා නැගෙනහිර මුස්ලිම් ජනතාවත් දැඩි දුෂ්කරතාවන්ට මුහුන පා අධික පීඩනයකට ලක්වෙලායි සිටියේ.

අපට මතකයි එල් ටී ටී ඊ සංවිධානය පැය 48ක් තුල 75,000 කට අධික මුස්ලිම් ජනතාව උතුරෙන් පිටමන් කල හැටි. ඔවුන්ට අවනත නොවූ අය මරා දමනු ලැබුවා. පල්ලි තුල යාඥා කරමින් සිටි බැතිමතුන් පවා මරා දමනු ලැබුවා. එදා මුස්ලිම් ජනතාවට ජීවත් වන්නට සිදුවී තිබුනේ ජීවිතය ගැන දැඩි බියකින්.

මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රමුඛතම වගකීම ලෙස එදා සැලකුනේ මේ කෲර ත්‍රස්ථවාදය පරදා රටට සාමය ගෙන ඒමයි.

මා විශ්වාස කරනවා ඔබට මතකයි කියා එදා ත්‍රස්ථවාදීන් විසින් පාර්සල් බෝම්බ, බිම් බෝම්බ, මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් වැනි විවිධ උපක්‍රම හරහා මොනතරම් දේශපාලනඥයින්, හමුදා නිලධාරීන්, ජන නායකයින්, හා සාමාන්‍ය ජනතාව මරාදැමූවාද කියා.

මේ තත්වය පාලනය කිරීම සඳහා අපට සමහරවිට දැඩි තීරණ ගන්නට සිදුවුනා. මාර්ග බාධක, නිවාස පරික්ෂා කිරීම්, හදිසි වැටලීම් , සැක කටයුතු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් වැනි දේවල් අපට කරන්නට සිදුවුනා. නමුත් ඒ කිසිවක් දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කරගෙන හෝ යම් විශේෂ පුද්ගලයින් ඉලක්ක කරගෙන කල දේවල් නොවෙයි. ඒ සියල්ල කලේ මහජන ආරක්ෂාව සඳහායි. අපට වැදගත් වුනේ එයයි.

යුද්ධය අවසන් වුනාට පසු අපේ අවධානය යොමුවුනේ සංවර්ධනයටයි. විශේෂයෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ ඉලක්ක කරගෙන කඩිනම් සංවර්ධන හා පුනුරුත්තාපන ව්‍යාපෘතීන් ආරම්ඹ වුනා. යටිතල පහසුකම් ඉදිවුනා. රටේ සමස්ථ සංවර්ධන ක්‍රියාවලියම වේගවත් වී රටේ අනාගතය අතිශයින් සුබදායී බවට පෙර ලකුනු පලවුනා.

අපට අවශ්‍ය වුනේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව බුක්ති විඳිය හැකි සංවර්ධනයක්. වාර්ගික ආගමික බේදයකින් තොරව අප සියලු දෙනාගෙම දරුවන්ට යහපත් අනාගතයක් උදාකරදීමයි අපේ අරමුණ වුනේ. සැමට සතුටින් සාමයෙන් ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමට අපි කටයුතු කරමින් සිටියා.

නමුත් අවාසනාවකට මෙන් අපට උදාවී තිබු ඒ ඓතිහාසික අවස්ථාව අපට අහිමි කරන්නට දේශීය හා විදේශීය බලවේග රැසක් කුමන්ත්‍රණය කරන්නට පටන් ගත්තා.

මේ කුමන්ත්‍රණකාරී බලවේග වලුට මූලිකවම අවශ්‍ය වුනේ මහින්ද රාජපක්ෂ රජය මුස්ලිම් ජනතාව තුල අප්‍රසාදයට ලක් කිරීමයි

මේ සඳහා ඔවුන් නොයෙකුත් බොරු ප්‍රචාර උපයෝගී කරගත්තා. සමහර අවස්ථාවල තම ඒජන්ත වරුන් හරහා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකිරීමට පවා ඔවුන්ට හැකි වුනා. මේ හරහා රජය ගැන අවිශ්වාසයක් මුස්ලිම් ජනතාව තුල ගොඩනැගීමට ඔවුන් ක්‍රියා කලා

නමුත් අප සමඟ සමීපව කටයුතු කල මුස්ලිම් නායකයින් දන්නවා සත්‍යය කුමක්ද කියා . ඔවුන් දන්නවා අපි මොනතරම් අවධානයක් යොමු කලාද කියා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව හා ගෞරවය තහවුරු කරන්නට යම් යම් අසීරු අවස්ථාවලදි.

චේතනාව පිරිසිදු වුනත් මා පිලිගන්නවා සමහර අවස්ථාවල අප ක්‍රියා කල ආකාරය ගැන යලි සිතන්නට වෙනවා කියා. අවස්ථාවාදීනට අප කිසිදු ඉඩක් නොදිය යුතුව තිබුනා.

එහි ප්‍රථිපලය වුනේ ඔවුන් සැලසුම් කල ආකාරයටම රාජපක්ෂ රජය කෙරෙහි මුස්ලිම් ප්‍රජාව අතර අනවශ්‍ය බියක් හා සැකයක් ඇතිකිරීමට මේ අදිසි බලවේගවලට අවස්ථාව ලැබීමයි.

මේ අනිසි බිය හා සැකය 2015 ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ පරාජයට බලපෑවා පමනක් නොවේ එම පරාජයේ ප්‍රථිපලයක් ලෙස ලංකාවේ ඒ වන විට පැවති වේගවත් සංවර්ධන ක්‍රියාවලිය අඩාල වීමටද හේතු වුනා.

නමුත් අපි විශ්වාස කරනවා නුදුරු අනාගතයෙදීම අපිට යලි අවස්ථාවක් ලැබෙනු ඇති කියා ඒ ගමන යලි අරඹන්නට අප දැන් ආරම්ඹ කර තිබෙනවා ඉතා සමීප සංවාදයක් මුස්ලිම් ප්‍රජාවේ නායකයින් සමඟ. ඒ සංවාදය හරහා ඔබේ ගැටලු, අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝද කරගන්නට අපි කටයුතු කරනවා.

රාජපක්ෂ රජයකට අවශ්‍ය සිංහල , දෙමල මුස්ලිම් හා අන් සියලු ශ්‍රී ලාංකිකයින්ට ගෞරවාන්විතව සතුටින් හා සාමයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමටයි.

සෑම ජන කොටසකටම තම අනන්‍යතාව රැක ගෙන, තම ආගම අදහමින්, තම සංස්කෘතිය පිලිපදිමින්, අන් අයට හිරිහැරයක් බාදාවක් නොවී සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් අපි අපේ දරුවන්ට දායාද කල යුතුයි.

අතීතයේ මේ රටේ අපි එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සාමයෙන් ජීවත් වුනා. අපිට යලි එය කල හැකියි.

මේ රටේ සියලූම පුරවැසියන්ට දීර්ඝ කාලීන යහපත් ප්‍රතිපල ලබා දීම අපේ අරමුණ විය යුතුයි. අනාගත පරපුර වෙනුවෙන් ඒ අපේ වගකීමයි. මා විශ්වාස කරනවා අප සියලු දෙනාම එකට වැඩකලොත් අපට පුලුවන් කියා එවැනි සුබවාදී අනාගතයක් ගොඩනගන්නට.

– චාමින්ද කරුණාරත්න

26,911 Viewers

11 Comments to “යලි රාජපක්‍ෂ පාලනයකට ගමන ඇරඹුවා..- ගෝටා කියයි..”

  1. Asaranaya says:

    මෝඩ පඹයා යටි උගුරෙන් මොරදෙනවා,
    කට්ට රනිල දිය නූලෙන් වැඩදෙනවා,
    ඩීල් දමා මුන් දෙන්නා රඟ දෙනවා,
    අසරන අපිත් “හුලන් බකා” දුක් වෙනවා,

    ඉවසුවා ඇතැයි හොඳටම රටටම හිතුනා,
    කලයුතු දේ ගැන කවුරුත් සොය බලනා,
    හමුදාපති කම මට දුනහොත් මා කරනා,
    ඔලු ගෙඩි දෙකට දෙනවා මම උඩ යන්නා

    • Kamal says:

      නානසාර බේබදු උතුමා පැත්තක දමලා.
      ගෝටා මැතිඳු හම්බයො පස්සෙන් යනවා.

      • ගිරවා says:

        @ Kamal “What an Almighty Idiot! Yep, that’s what you are …
        Kamal never insult Ven. Buddhist Monks without knowing the real truth …As usual, there is a fanatic muslim behind every idiot.

  2. Ranjan says:

    Must insist Govt. to forward the Aluthgama Report. They are hiding because the culprits are UNP & Hela Urumaya.

  3. බන්ඩා says:

    රාජපක්ෂ පාලනයකට මග අහුරන්න ලපයල එන්ජීඔි කාරයො සහ රනිල කල්ලිය කල හැකි හැම ජරා ප්‍රජාතන්ත්‍ර විරෝධි හැම ගඩු වැඩක්ම කරාවි.

  4. Kamal says:

    උන්ගේ කුණු උන්ම සුද්ද කරගනිති…
    ශාන් වික්‍රමසිංහගේ දියණිය වන TNL නාලිකාවේ අධ්‍යක්ෂවරියක මෙන්ම දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීරගේ ට්‍රයි ඇඩ් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉෂිනී වික්‍රමසිංහ හදිසියේම මංගල සමරවිර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත්කරගෙන තිබේ.‍රටට හෙන ගැහැව්වත් උන්ට රජ මගුල්‍ ය. අන්තිමට ජනතා මුදල් කෝටි ගණනක් TNL සාක්කුවට යන හැටි බලා ඉන්න.

    • polonnaruve wije says:

      දෙරණ යනු දේශීයත්වය මුවාවෙන් රට බටහිරකරණය කරමින් අම්මාවරුන් ලවාම සිය දියණියන්ගේ නිරුවත අලෙවිකරන අවස්ථාවාදී මාධ්‍ය කි.

  5. daminda says:

    balaya thiyanokata nothibu nuwana………….

  6. frank says:

    What a marvelous change of Gota. This IDI AMEEN is a real SANTA DANTHA now. Muslim bros are taking this idiot for a rid now.

    • SALMAL says:

      So many roads. So many detours. So many choices. So many mistakes…Do your best what you plant now,you will harvest later
      Becareful whom you trust ….Specially Minority Tamils & Muslims ..
      If you are good at finding mistakes in others,you must also be good at correcting your own
      Hon. Gotabhaya , We Salute you Sir . protect our Motherland ,thousands laid down their lives .so that our Country breath this day .Never forget ( Ranaviruvo ) their sacrifice

  7. karu 1 says:

    your effort in mending the torn relationships with Sri Lankan Muslims is really commendable. We hope you will do the same to win the Tamils who believe in brotherhood with other Sri Lankans.

Main News