යහපාලනයෙන් කාලිංග මාඝ පන්නයේ සංහාරයක්…

May 11, 2018 at 8:40 am | lanka C news
යහපාලනයෙන් කාලිංග මාඝ පන්නයේ සංහාරයක්…

යහපාලන ආණ්ඩුව විසින් රට තුළ කාලිංග මාඝ පන්නයේ සංහාරයක් ආරම්භකොට ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග රාජගිරියේ පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අපි පක්ෂයක් විදියට සියළුම ආගම් වලට එක වගේ ගරු කරන පිරිසක් ඒ වගේම ඒ සියළු ජාති ආගම් වල පවතින විවිධත්වයට, විශ්වාසය හා ඇදහිලි වලට ගරු කරන පක්ෂයක් බව මුලින්ම කියන්න අවශ්‍යයි. නමුත් අද අමුතු ප්‍රවනතාවයක් රට තුළ පැන නැගෙමින් තිබෙන බව අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි මේ බෞද්ධ ජනතාවගේ වෙහෙර විහාර කඩා බිද දමන එහෙම නැත්නම් විහාරස්ථාන වලට බලෙන් ඇතුල් වෙලා ඒවගේ අයිතිය හා පිහිටීම ගැන ප්‍රශ්න කරන අසංකෘතික සංස්කෘතියක ප්‍රවණතාවයක් ඇතිවී තිබීම. මේ පිලිබදව මේ ආණ්ඩුව දක්වන්නේ ඉතාම ඇල් මැරුණු දෙබිඩි පිළිවෙතක් බව කියන්න කැමතියි.

තවදුරටත් අදහස් දැක්වු මහ ලේකම් වරයා……..

එක තැනක නොවෙයි පසුගිය කාලය පුරාවට අපි දැක්කා ලංකාවේ බොහෝ තැන් වල රටක් විදිහට අපිට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථාන. ඒ වගේම බෞද්ධ වෙහෙර විහාර කඩා බිද දමා ඇති බවට චෝදනා එල්ල වුනා. වෙනදා මේ දේවල් වුනේ හොරාට අද එලිපිටම මේ දේවල් වෙන්න පටන් අරන්. ආසන්න සිදුවීම තමයි දුටුගැමුණු රජතුමාගේ අවසාන සංග්‍රාම භූමිය වුණු අනුරාධපුර විජිතපුර බළකොටුව ප්‍රදේශයේ බැලුම්ගල කියන ස්ථානය නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් බුල්ඩෝසර් යොදා විනාශකොට තිබීම. අපි අහනවා ආණ්ඩුවෙන් කොහොමද මේ දේවල් මේ විදිහට වෙන්නේ අනුරපුරය පිළිබදව දන්නා කුඩා ළමයෙක් වුනත් දන්නවා අනුරාධපුරය කියන්නේ පුරාවිද්‍යාත්මක නගරයක් සාමාන්‍ය ගොවි මහත්තයෙක් උදැල්ලක් පොලවට ගැහුවත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් යමක් උදැල්ලේ ගැටෙන තරමට ඒ භූමිය ඓතිහාසිකයි. ඒ නිසා ආණ්ඩුවට හා මේ ව්‍යාපෘතිය භාර ඇමතිවරුන්ට හා නිලධාරීන්ට මේ ප්‍රශ්ණයට පපඩම් උත්තර දෙන්න අයිතියක් නැහැ.

අපි මාධ්‍ය තුලින් දැක්කා පසුගිය දවස් ටිකේ දෙමළ ජාතික සන්ධානය නටපු නාඩගම් සුමන්දිරන් කරපු ප්‍රකාශ උතුරු නැගෙනහිර බෞද්ධ පන්සල් හදන්න ඉඩ දෙන්නේ නැහැ කියල කරපු ප්‍රකාශ මේ දේවල් එකකට එකක් බොහෝ දුරට සමාන වෙනවා.

රටේ ඉතිහාසය වෙනස් කරන්න රටේ ජාතික උරුමයන් වනසන්න තාවකාලිකව පත්වෙන ආණ්ඩු වලට අයිතියක් නැහැ. ආණ්ඩු එනව යනවා රාජ්‍ය කියනදේ ස්ථාවරයි. ඒ නිසා රාජ්‍ය සතු ස්ථාවර භාවය විනාශ කරන්න ආණ්ඩු වලට ව්‍යාපෘති හදන්න බැහැ. මේ රටේ ඉතිහාසය විකෘති කරන්න, ඒවා විනාශ කරන්න අවශ්‍ය කණ්ඩායම් රට තුල වේගයෙන් ක්‍රියාත්මක වන බව පේන්න තියෙනවා. මේ විනාශය නතර කරන්න ආණ්ඩුව කටයුතු නොකලොත් මීට සම්බන්ධ සියළුදෙනා නීතිය ඉදිරියට ගේන්න අපි පක්ෂයක් විදියට නුදුරේදීම කටයුතු කරනවා යනුවෙන්ද ගුණරත්න මහතා එහිදී සදහන් කලේය.

විශේෂයෙන්ම අපි යහපාලන ආණ්ඩුවට අවධාරණය කරනවා පුරාවිද්‍යාත්මක දේ වගේම ජාතික උරුමයන් කියන දේවල් රටක් එක ආගමකට එක ජාතියකට අයිති දේවල් නොවෙයි. මේ රටේ ඉතිහාසය. ඒ නිසා ආණ්ඩුව මේ පෙන්වමින් ඉන්නේ ආණ්ඩුව රටට හා සමස්ථ ඉතිහාසයට ද්‍රෝහි විමේ ලක්ෂණ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා නැවත කාලිංග මාඝ යුගයකට රට අරන් යන්න හදන්න එපා කියලා. අද වෙනකොටත් මේ ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බෙදුම්වාදී උවමනා ඉටුකරමින් ඉන්න බව අපිට පේන්න තියෙනවා. ඒ සදහා අවශ්‍ය ඓතිහාසික පරිසරය නිර්මාණය කර ගැනීමට නම් මේ බුල්ඩෝසර් දමා රටේ ඉතිහාසය සමතලා කරලා කරන්න හදන්නේ ඒක ආණ්ඩුව ලොකු වරද්දා ගැනීමකට අත වැනීමක් කියලත් අපි අවධාරණය කරන්න කැමතියි යනුවෙන්ද එහිදී සදහන් කලේය. මෙහිදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා මැදිහත් වීමක් කරන්නැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතාට ආරාධනාවක්ද කලේය.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

8,956 Viewers

9 Comments to “යහපාලනයෙන් කාලිංග මාඝ පන්නයේ සංහාරයක්…”

  1. Perera says:

    Mu jaathiwaadi gas balkek.

    • Pachaya says:

      I am sure your mother was screwed by a EU soldier and that bloody is very thick and running all around your brain on which u sit regularly.

      Thanks for letting us know the truth

    • ජනක says:

      ජාති වාදී ගස්බල්ල ඒ මිනිහා නෙවෙයි පෘතුගීසියට අවජාතක පරපුරකින් එන තමුන්
      රටේ පවුරාණික ස්ථාන විනාශ කිරීමට එරෙහිව කතා කිරීම ජාතිවාදය වෙන්නේ කොහොමද මිනිහෝ .
      තමුන් කියන්නේ අර ටලිබාන් කාරයෝ වගේ අපේ පුරාවස්තු විනාශ කරද්දී කටවහගෙන ඉන්න කියලද ?
      මේ විනාශ කරන්නේ මේ රටේ උරුමය වසර දහස් ගණනක් පුරා ගොඩනගපු රටේ උරුමය .මේවා විනාස කරලා රටේ සහජීවනය හදන්න පුළුවන් වේවි කියල හිතනවානම් ඔය කුමන්ත්‍රණකාර තමුසෙලාට බොහොම වැරදිලා .ඔය දේවලින් සහජීවන බයිලා කියන පොන්න සෙට් එකට බොහොම නරක ප්‍රතිපල එන බවත් ඒවා තමුන් පසුපසින් ඉතාම එක්මනින් එන බවත් මතකතියාගනිල්ලා

      • Perera says:

        Sinhala bauddha jaathiwaadaya ta thawa kal aththe awurudu 10 yi. Jaathiwaadi sinhala buddaagama meratin api thuran karanawaa balaabganin.

        Merata ayithi demela, christian, saha muslimunta pamanayi, jaathiwaadi sinhala bauddayin meratata epaa epaa epaaaaaaaa

  2. sirimal says:

    කොහොම උනත් පුරාවිද්‍යා ස්ථාන පරිස්සම් කරන්න නම් ආරක්ෂක අංශ වලට නියමාකාරයෙන් භාර කලයුතුමයි.වෙන විසඳුමක් නැහැ.කොයි පළාතෙත් එකවගේම විනාස කිරිම් කරනවා.සිංහල බෞධයොත් කරනවා.වෙන ජාතිකයනුත් කරනවා.තව කල් ගියොත් ඉතිහාසෙත් නැති වෙනවා.

  3. Love nature says:

    වර්තමානයේදී මෙන්ම බුදු දහමට තාඩන පීඩන ඇතිවූ තවත් යුගයක් වන්නේ,දොන් ජුවන් ධර්මපාලයන්ගේ කෝට්ටේ රාජ්‍ය පාලන සමයයි. කෝට්ටේ දළදා මන්දිරය කඩා දමා එය කතෝලික පල්ලියක් බවට පරිවර්තනය කොට ධර්මපාල කුමරුන්ගේ බෞතිස්ම මංගල්‍ය සිදු කරන ලදී දැන් වෙන්නෙත් ඒ දේම නොවේද?

  4. Love nature says:

    අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන මොට්ටයාන් මලේ නොහොත් තට්ටගල නමින් වර්තමානයේ දී හඳුන්වන ස්ථානය අවට විසිරී තිබූ ගඩොල් සමග පවතින පස් කඳු කීපයක් පසුගිය දා ඩෝසර් කරන ලදහ. ඒ ගල් තලාව අවට හාත්පසම පැතිර පවතින්නේ විශාල වෙල් යායාකි.. මෙහි වගා කරන මුස්ලිම් ගොවියන් පිරිසක් එම ස්ථානයට ඩෝසර්යක් ගෙනවුත් පස් කන්ද සමතලා වන්නට මට්ටම් කොට එහි කුඹුරු ලියැදි කීපයක් තනා තිබේ. ඒ ස්ථානයේ තිබූ තල් ගස් දෙකක් ද ඩෝසරයට අසුවී පැත්තට වැටී තිබෙනු දැකිය හැකිය. ඩෝසර පහරින් බේරුණු සෙල් ලිපිය දිරාපත් වූ ගල් තලා වේ දක්නට ඇත.මෙම විනාශය කරන ලද මුස්ලිම් වරු අත්අඩංගුවට පත් කරන ලද අතර අක්කර පත්තුව පොලීසියේ නිගමනය වූයේ මෙහි දාගැබක් නොතිබුණු බවටයි. නමුත් අක්කර පත්තුවේ පදිංචි සමන් දිසානායක මහතා ඩෝසර් කිරිමට සතියකට පමණ පළමු මෙම ස්ථානයට පැමිණ ගත් ඡායාරූපයක් නිසා පොලිසියට කර ඇරිය නොහැකි විය. ඒ අනුව සිද්දියට අදාලව නඩු පවරන ලද අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නටද ප්‍රථම අදාල සැක කරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව අවම දඩය වූ රුපියල් විසපන්දහසක් නියම කොට නිදහස් කරනු ලැබ ඇත. නමුත් මෙම ඓතිහාසික ස්ථානය තවමත් අනාරක්ෂිතය

Main News