යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..

April 14, 2017 at 7:08 am | lanka C news
යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..

රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පිළිබදව ඇමරිකාවෙි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පර්යේෂණ සිදුකර ඇති අතර, එම පර්යේෂණවල ප්‍රගතිය මත මෙම වැඩපිළිවෙල රෝහල්වල දියත් කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

ඒ අනුව පිළිකා රෝගීන් සදහා පළමුව එම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට නියමිතය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් පිළිකා රෝගීන්ට ජීවත්විය හැකි කාලය සියයට 84 දක්වා වැඩි කිරිම තම අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තෙල්දෙනිය මුලික රෝහලේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවාවට මොනවද කළේ කියලා ඇතැම් අය අපෙන් අහනවා. රුපියල් සත වලින් නොවෙයි අපි කරපු ක්‍රීයාකාරකම් ගැන කථා කරන්නේ. එය මෛත්‍රි පාලනයේ ලක්ෂණයක්. ජනතාවට පුර්ණ නිදහස ලබා දී තිඛෙනවා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමටත් ඇතැම් අය උත්සාහ කරනවා. ඒ මුදල් මත බැදුනු පුද්ගලයින්. එම කඩාකප්පල්කාරීන් පරාජය කර සෞඛ්‍ය සේවාව නංවාලිය යුතුයි. සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය තමයි බෝනොවන රෝග පාලනය කිරීම. එහිදී දුම්බීම අවම කිරිම ප්‍රධානයි. දුම්බීමෙන් වාර්ෂිකව 25,000 ක් මිය යනවා. දුම්බීමෙන් තොර ශ්‍රී ලංකාවක් ආරම්භ කිරීමෙි සටන වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිය දී ආරම්භ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා සිටියේ දුම්කොල සමාගම් පැත්තේ. නමුත් යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී තිඛෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් අපේ එම ප්‍රතිපත්තියට අනුගත වී සිටිනවා. එය හොදයි. මම එම මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළා දුම්පානය අඩු කිරීමෙි ප්‍රතිපත්තියට අනුගතවීම ඉතා හොද ලක්ෂණයක් බව.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

1,543 Viewers

15 Comments to “යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..”

  1. thu says:

    ඒ එක්කම කුඩු හා ගංජා පානය 100% කින්ම වැඩිවෙලා නේද  බොරු පිබින වාචාල උළමෝ

    • Brahmana says:

      කියවන්න බැහැ වගේද ? මහින්දගේ තිතta මත වගෙ නෙමෙයි නේද ? ඇයි උඹලාට කුඩු දුන්න එකා දැන් හිරේ නේද ?

    • පෝෂණ says:

      මුලිදි මෙතුමා කලෙ නැත එතරම් වැඩක්
      තේරිලා කරනව දැන්නම් බොහො වැඩක්
      ක්‍රියාවෙන් පෙන්වල රටට සුවසන වැඩක්
      සුදුසු “අගමැති” පුටුවට වාසනා රටට වැඩක්

  2. Niru says:

    Early new year morning another two legged donkey is barking. Why stop at 48%. If you have the guts ban it asshole.

  3. shantha kuru says:

    muta pissu waren thummullata dum panaya balanna

  4. NALUBATTA says:

    Moo Maru wikkalen dodawanwa

  5. Dushantha says:

    කෙහෙම්මල් සිකරට් එකක් ගෑන කතා කරන්නෙ, කුඩු ගෑන කතා කරපන්කො. රට හෑම තෑනම කුඩුයි ගන්ජායි.

    • asaranaya says:

      යකෝ සිගරැට් නිශ්පාදනය නවත්තපන් බන්, ,ගෙනල්ල අහුවුනොත් මහ උලු ගෙදරට යවපන් , නැත්නම් කොලඹ නඩු නොඅනාගෙ ක්‍රමයට මරණීය දඬුවම දීපන් බන්,
      නිකන් වාචාල කට අරින්නේ නැතුව, අන්න ඒ වගේ වැඩක් කරපිය , ලෝකෙම පරාජිතයාගෙ නම් ප්‍රසිදවෙයි එතකොට. නැත්නම් මම උඹට කුණු දතා යනුවෙන් ආමණ්ත්‍රනය කිරීම නතර කරන්නේම නැහැ.

  6. TOILET WASHER says:

    Mu Kiyanne Kudu Gahawwata Kamakne. Cigarette Nobi Hittapalla .

  7. gavin gunawardane says:

    පක්ශයෙ කතා නායකවී උගුර යටින්
    කියනා කෙහෙල්මල් වැදගත් නොමැත ඉතින්
    නොදොඩා ඉන්නවා නම් ඔබෙ හැකර කටින්
    අවුරුද්දවත් කල හැක අපට තුටින්

    • චතුර පුතා says:

      එතුමා නොවේ කියන්නේ දොඩමලු කටින්
      විට කන එවුන් නොවැ රතු බුලත් මත් කටින්
      දුම් පානය නොකර මතේ හැකර හාලි කටින්
      සැමදා අවුරුදුය “ඔබටත්” සුවඳෙ සුවන කටින්

  8. gavin gunawardane says:

    පක්ශයෙ කතා නායකවී උගුර යටින්
    කියනා කෙහෙල්මල් වැදගත් නොමැත ඉතින්
    නොදොඩා ඉන්නවා නම් ඔබෙ හැකර කටින්
    අවුරුද්දවත් ගත කල හැක හිත සතුටින්

  9. love nature says:

    රටක මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ පාසල් ළමයින්ට ‘ආතල්’ ගැනීමට පාවිච්චි කිරීමට ඉඩ දී වගකිවයුත්තන්ට මන්දබුද්ධිකයන් සේ බලා සිටිය ද නොහැකිය. එහෙත් මෙරට පුරවැසියන් විදිහට කාලයක සිට අපි අත්විඳිමින් සිටින්නේ ඒ කාලකණ්‌ණි මන්දබුද්ධික ස්‌වභාවයමය. තේරුම්ගත යුතු යථාර්ථය නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කොතරම් නීතියේ රැහැනට කොටු කළ ද මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අඩු නොවන බවය.

  10. gadol says:

    දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල පමණක් දිනකට රුපියල් ලක්ෂ 49 පමණ මත්ද්‍ර‍ව්‍ය, මත් කුඩු, මත් පෙති විකිණෙන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ ආරංචි මාර්ග කියයි.

    විශේෂයෙන්ම ගල්කිස්ස හා අවට වෙරළ තීරයේ මුළු රැය පුරා පැවැත්වෙන වෙරළ සාද (Beach Party) වලදී මත්පෙති රුපියල් 1500/- සහ රුපියල් 2000/- වැනි මුදල්වලට විකිණෙන බවද කියයි.

  11. Vimarshana says:

    “සෞඛ්‍ය සේවාවට මොනවද කළේ කියලා ඇතැම් අය අපෙන් අහනවා”.

    කල්කුඩාහි මත්පැන් නිෂ්පාදනාගාරයක් ඇරඹීම සඳහා අනුග්‍රහය ලබාදීම.
    රජය සතු වී තොග මත්පැන් නිපදවීමසඳහා කුණු කොල්ලයට විකුණා එමගින් කෘතීම හාල් හිඟයක් ඇතිවීමට ඉඩ සලසා, වී ගොවීන්ගෙන් අඩු මුදලකට ගත් වී වලින් අධික ලාභයක් උපයා ජනතාව ගසා කෑමට ජනාධිපතිගේ සහෝදරයා ඇතුළු වී මෝල් හිමියන්ට අවස්තාව උදා කර දීම.
    බියර් නිෂ්පාදකයන් හට බදු සහන දීම.

    මතට තිතද ? තිතට මතද?

Main News