යහපාලන ව්‍යවස්ථා විශාරද ජයම්පති වික්‍රමරත්න ගෙනා 19 සංශෝධයෙන් රටම අරාජික වුනා..- යහපාලන වික්ටර් අයිවන්..

November 19, 2017 at 10:40 am | lanka C news
යහපාලන ව්‍යවස්ථා විශාරද ජයම්පති වික්‍රමරත්න ගෙනා 19 සංශෝධයෙන් රටම අරාජික වුනා..- යහපාලන වික්ටර් අයිවන්..

මෙරටේ දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා යහපාලන ආණ්ඩුව පැමිණ විගස 19 වෙනි ව්‍යයවස්ථා සංශෝධනය ගෙනවා, ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඇති බලය වසර 4 ක් යනතුරු නොහැකිවන ලෙස කප්පාදු කලා, ඒ නිසා රට අරාජික වීමේ අවධානමක් මේ වනවිට රටේ ඇති වී තිබනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට පමණක් විපක්ෂය ඔහුට විරුද්ධ බලවේගයක් ගොඩ නැගුවා මිස ඔහුනට කිසිම වැදගත් වැඩපිළිවෙළක් නොතිබුණ බව අද ජනතාවට වැටහිලා යනුවෙන් “රාවය” පුවත්පතේ නිර්මාතෘ ප්‍රවීන දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා අද 19 ඉරිදා ලංකාදිප පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කොට ඇත.

ඔහු වැඩිදුරටත් එම ලිපියෙහි මෙසේ අදහස් දක්වා ඇත. ” මේ වනවිට රටේ හටගෙන තිගෙන අර්බූදයයෙහි ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර භේදයක් මතු වි තිබිමයි. ඒ සඳහා බලපෑ විවිධ හේතු ඇතත් මා ඒ ගැන කතා කරන්නේ නැත, නායකයන් දෙදෙනා කෙරෙන් ප්‍රකට වෙන එම භේදය මගින් ඇතිකරන අවුල විශාල එකකි. එක පැත්තකින් දහනව වැනි ව්‍යයවස්ථා සංශෝධනයයි, එම සංශෝධනය පැමිනෙන කාලය වෙන විට ඒ සම්බන්ධ මගේ මතය වුනේ එමගින් රටේ විශාල අවුලක් ඇති කරන බවය, ඊට් හේතුව මේ ව්‍යයවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ව්‍යයවස්ථානුකූලව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කල නොහැකි වීමය. එසේ අගමැතිවරයාගේ එකඟතාවයකින් තොරව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයකු වෙනස් කිරිමටද ජනාධිපතිවරයාට නොහැකිය, හදිසි අවස්ථාවක දි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද ජනාධිපතිට හෝ අගමැතිට හැකියාවක් නොමැත.

යම් රටක අර්බුදයක් මතු වුවහොත් සමාන්‍යයෙන් සිදු වන දෙය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් මැතිවරණයකට යෑමය, නමුත් මේ 19 වෙනි සංශෝධනය අනුව නායකයන් දෙදෙනාට එවෙනි පියවරකට යා නොහැකිය, බලයේ සිටින ආණ්ඩුවක කොටසක් විපක්ෂයට ගිය විට තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අසිරු නම් එගිදි සිදු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමයි. අපේ පැරණි පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රමයේදි ඒ බලය පැවරි තිබුනේ ආණ්ඩුකාරවරයාටය, 1978 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව අනුව ඒ බලය හිමිවුයේ ජනාධිපතිවරයාටය, නමුත් දැන් ඒ බලය කාටවත් නැත. මේ පසුබිමේ ගැටුමක් ඇති වුවහොත් එය හුදෙක් බලය මත ඇතිවන ගැටුමක් මිස ව්‍යයවස්ථා රාමුවක් මත ඇතිවන ගැටුමක් වීමට ඉඩක් නැත මෙය භයානක තත්ත්වයකි.

ජනාධිපතිවරයාට අගමැතිවරයා සම්බන්ධයෙන් හෝ අගමැතිවරයාට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හෝ ක්‍රියා කිරිමට සිදු වන්නේ ව්‍යයවස්ථාපිත රාමුවෙන් පිටතදීය, එවෙනි තත්ත්වයක් ඇති වුවහොත් රටේ අරාජිකත්වය නිර්මාණය විම වැලක්විය නොහැකිය” යන්නය.

මෙම ලිපියෙහි වැදගත්කම වනුයේ යහපාලන ආණ්ඩුව ව්‍යයවස්ථා විශාරදයකු මෙන්ම සම්පාදකවරයෙකු පැවසු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සම්බන්ධයෙනි. ඔහු විසින් ඉතා කඩිමුඩියේ ඉහත 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනාවේ ජනාධිපතිවරයා බලය හීන කොට අගමැතිවරයා ශක්තිමත් කිරිමට පමණි, අද එහි ඇති වී තිබෙන විපාක ඉතා මැනවින් රාවය පුවත්පතේ නිර්මාතෘ ප්‍රවීන දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා විස්තර කොට ඇත.

එමෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ අරාජිකත්වය නිර්මාණය කල නැවත කඩිමුඩියේ සුදානම් වන්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් උතුරට බලය බෙදාහැරීමටයි, ඒ දෙමළ සංධානය සහ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය අනුව එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාදය මතයි.

එහෙත් ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛව සියලු නිකාය පාර්ශවයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂය පමණක් නොව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ආචාර්ය විජේදාස රාජපක්ෂ වැන්නන් ඊට විරුද්ධව පෙනිසිටිම නිසා මේ මහා විපත තාවකාලිකව මැඩලී ඇත.

එහෙත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැන්නන් කෙසේ හෝ බලය බෙදාහැරීම තුලින් උතුරට නැගෙනහිරට ඊලම පමණක් නොව මුලු ලංකාවව ආරජික කොට රට කෑලිවලට කැඩීමේ උත්සහය මේ දක්වා නවත්වා නොමැත.

16,159 Viewers

10 Comments to “යහපාලන ව්‍යවස්ථා විශාරද ජයම්පති වික්‍රමරත්න ගෙනා 19 සංශෝධයෙන් රටම අරාජික වුනා..- යහපාලන වික්ටර් අයිවන්..”

  1. daham says:

    mahindawa paraddala me jadapaalanaya genenna obath daayaka unaa neda? dan okkotama issela e gana janathawagen samaawa illanna. eeta passe kathaa karanna.

  2. Loku says:

    වික්ටර් අයිවන්ට පේන්න කලින් දින 100 න්ම මේව පෙනුනා..රාවයේ මනරංජන නරිවාහෙට පෙනුනෙ නැති වුණාට…

  3. Kolitha says:

    Ubatath mole padune danda…e unaata mechcharakal kade giye kaatada…?….assaya panala giya . .buuruwo tika isthale dora laga dagalanawa…!

  4. රාහුල කොලුවා says:

    රටේ අර්බුදයක් ඇති වුනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡනතාවගෙන් තීන්දුවක් ගන්න ඡනාධිපතිට තිබුනු බලය නැති කරන කල් ඡනාධිපති බලන් හිටියේ ඇයි…?

  5. Jonaa'S Brother says:

    පොඩි අතුල උන්නැහේ ,හිල් වෙච්ච මලු අරන් ඔහෙලානෙ යහාපාලනේට කඩේ ගියේ , දැන් සනීප ඇති නේද බොලන්

  6. Dr Lakshman Fernando says:

    I CANNOT GIVE ANY COMMENTS. NATION OBSERVED THAT, WHAT HAPPEN TO OUR LOVELY COUNTRY.

  7. David Milli-Banda says:

    Gona…………… eya genawe Chaura regina and mangala samaga ekwela Diaspora wen gaththa loan eka beraganna
    chande karanna..

  8. soththiya says:

    චෞර රැජින පොත ලියපු එකාම දැන් චෞර රැජිනත් සමග නිදිවදින බව නම් පේනව​.අනේ හිඟන සොත්තියො උඹේ ගෝලය මනරංජනයට කියාපිය හම්බ වෙන ඩොලර්වලින් තොටත් කීයක් හරි දෙන්න කියල​.

  9. Nish says:

    ඉතින් ඔය NGO බහුභූතයොන්ට කොහොමත් ඕනෙ රට අරාජික කරන එක මිසක් රට අඩියකින් හරි ඉස්සරහට අරන් යන එක නෙවේනෙ. එහෙම ගත්තම NGO බහුභූතයොන්ට අවශ්ය දේ ඒ විදියටම උනා. උන්ගෙ බොරු අහපු ගමෙ ගොඩේ බයියොන්ට දැන් ඇපත් නෑ.

Main News