යාපනයට කුඩු බෙදූ අකිලන් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට…

September 5, 2018 at 2:07 am | lanka C news
යාපනයට කුඩු බෙදූ අකිලන් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට…

යාපනය චුන්නාගම් පොලිස් වසමට අයත් උඩුවිල් මල්ලම් ප්‍රදේශයේදී හෙරෝයින් කුඩු ලග තබා විකිණීමේ කටයුතුවල නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු සමග හෙරෝයින් කුඩු ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 872 ක් තිබී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව කඳවුරේ ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පකුමාර මහතා ඇතුලු පිරිසක් විසින් අදාල සැකකරුවන් දෙදෙනා හෙරෝයින් ලග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ගුරුසාමි ආනන්දන් නැමති 29 හැවිරිදි සැකකරු ලග තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 233 ක් තිබී අත්ඩඅඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙරෝයින් බෙදාහරනින අකිලන් නැමත්තා පිලිබඳ තොරතුරු ලබා දී ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අකිලන් නැමත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අකිලන් නොහොත් නාගෙන්ද්‍රන් උදයසූරියන් නැමත්තා වන අතර ඔහු සමීපයේ හෙරෝයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 639ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.

අකිලන් නැමත්තා විසින් මීට පෙරද යාපනය දිස්ත්‍රීක්කයට හෙරෝයින් බෙදාහැරීම ඉතා රහසිගතව සිදු කොට ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අනාවරනය කොටගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් චුන්නාගම් පොලීසිය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

වන්නි රොමේෂ් මධුෂංඛ

909 Viewers
Main News