යාපනයෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්, ඩෙටනේටර් 10ක් අත්අඩංගුවට..

November 25, 2018 at 1:20 pm | lanka C news
යාපනයෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්, ඩෙටනේටර් 10ක් අත්අඩංගුවට..

යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ සගවා තිබූ අධිබැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4ක් තිබී ඊයේ (24) දින සොයාගැනීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

යාපනය ගුරුනගර් මාර්ගයේ මණියන්තොට්ටම් මන්සන්ධියේදී පිහිටි බස්නැවතුම්පලක් ආසන්නයේ ගවා තිබූ අදාල අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට හා පොලිස් විශේෂකාර්ය බලකා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසක් විසින් අදාල ප්‍රදේශය සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී  අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ක් සහා විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක් පොහොර උරයක දමා සගවා තිබියදී සොයාගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,178 Viewers

One Comment to “යාපනයෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්, ඩෙටනේටර් 10ක් අත්අඩංගුවට..”

  1. හා...හා...මාළු බාන්න ගෙනාපුවා මචන්. says:

    හා…හා…මාළු බාන්න ගෙනාපුවා මචන්. උබලගේ මාළුත් ඒ ගමන් කනවා.