යාපනයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි…

July 9, 2018 at 12:40 pm | lanka C news
යාපනයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි…

යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ කැලෑවක වලදමා තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් ඇතුලු යුද උපකරණ ඊයේ (08) සවස හමු වූ බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මණියන්තොට්ටම්හි පිහිටි කැලෑවක පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරන ලද කැනීමකින් වලදමා තිබූ අදාල අධිබලැති පුපුරණද්‍රව්‍ය ගෑම් 744 ක් සහ සේවානූල් තොගයක් සමග ඩෙටනේටර් 3 ක් තිබී හමු වී ඇත.

මෙසේ හමු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගය ඇතුලු යුද උපකරණ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට බාරදීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බී.ඉලංගසිංහ ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මෙම අධිබලැති පුපුරණදුව්‍ය තොගය සොයාගෙන ඇති අතර යාපනය පොලීසිය ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,907 Viewers

3 Comments to “යාපනයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි…”

  1. CORBRA says:

    සිරිසේන -රනිල් රට කරන්න පුළුවන් කෙනකුට භාර දීලා නම්බු පිටින් ගෙදර යන්න

  2. "අලි ඇමති" says:

    හා හා කලබල නොවෙනු මේ වෙලාවේ
    කැලැ වැදි අලියො බය කරනුව ගෙනාවේ
    උණ්ඩ නැත හිතලම මේවට අපි ඇමුනුවේ
    දියවන්නා මෙතරම් කුමටද අලි කුලප්පුවේ

  3. gamarala says:

    These brave officers of the STF have to be sent to jail as they have upset the mechanism of reconciliation.

Main News