යාපනයේදී තියුණු ආයුධ ගත් පිරිසක් අත්අඩංගුවට…

August 1, 2017 at 6:38 am | lanka C news
යාපනයේදී තියුණු ආයුධ ගත් පිරිසක් අත්අඩංගුවට…

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු කුඩත්තනේ වරණි ප‍්‍රදේශයේ කලපු රක්ෂිතයේ කඩොලාන කපමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු 30 රාත්‍රියේ සිදු කළ හදීසි සෝදිසි මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.

යාපනය නෙල්ලියඩි,පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් සිදුකළ හදීසි සෝදසි මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ග්ත සැකකරුවන් යාපනයේ සිදු වූ සිදුවීම් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයින් බවට මේ වන විට අනාවරණය වී ඇතයිද පොලීසිය කියා සිටියේය.

ජුලි මස 09 වැනිදා පේදුරුතුඩුව කැටේ හංදිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය පොලිස් මුරපොල කඩා දැමීම හා ජුලි 21 වැනිදා පේදුරුතුඩුව නාවික හමුදා අනුකණ්ඩයට අයත් වෙරළාරක්ෂක නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීම වැනි සිදුවීම් වලටද චෝදනා ලබා ඇත්තේ මෙම අත්අඩංගුවට ගත් පිරිසයි.

කෙසේ වෙතත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූයේ මනල්කාඩු කලපු රක්ෂිතයේ කඩොලාන දැව කපමින් සිටින අතර සැකකරුවන් පැමිණි යතුරු පැදියක් හා එන්.පී. ඩී.ඒ.ඊ. 4871 නැමති කැබ් රථයක් ද තියුණු මන්නා පිහි 4 ක්ද පොලිස් භාරයට ගැණුනා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වූවේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි මාර්කණ්ඩු ගුණසීලන්, හා චන්ද්‍රෙස්කරන් ජෙගනාදන් වරණ ප්‍රදේශයේ පදිංචි උදයසූරියන් සුජින් හා රත්නසිංහම් ඉලයකුමාර් නැමති අය හා අල්වාය් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් බහිරවන් නැමති  20 සහ 37 වැනි වයස් සීමාවන්ගේ පසුවන සැකකරුවන් වන අතර මෙම සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පේදුරුතුඩුව පොලීසිය වැඩි දුරටත් කිය සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,095 Viewers

2 Comments to “යාපනයේදී තියුණු ආයුධ ගත් පිරිසක් අත්අඩංගුවට…”

  1. අනාථ ජනයා says:

    මේව ගස්කපන්න ගෙනා පිහි යකෝ. හොරට ගස් කපන අර බඩෞඩදී න් අල්ලපන්, නිකම් පොලොස් මෝඩ ශෝ නැතිව අර ආවා කල්ලියෙ ඉන්න සන්හිදියාව කියල නිදාහස් කරපු හිටපු කොටි ටික අල්ල ගනින්. නැතිනම් තොපේ 700 ක් එකට මරල දැම්ම වගෙ උම්බල ඔක්කොටම මැරෙන්න වෙනවා. බැරි නම් හමුදාවට දැන්ම වැඩේ බාරදෙනවා කෙලවෙනකන් ඉන්නේ නැතිව. බොහෝ ජීවිත නැතිවෙන්න කලින්.

  2. Lolla says:

    අනේ ඔකුන්ව නිදහස් කරන්න
    අර ස0හිදියා ලොක්කි පිස්සු ගෑනිට දුක හිතෙයි

Main News