යාපනයේ අතහැර දමා තිබූ වැවක් පිලිසකර කොට ජනතාවට භාර දුන් යුදහමුදාව

December 4, 2018 at 2:05 am | lanka C news
යාපනයේ අතහැර දමා තිබූ වැවක් පිලිසකර කොට ජනතාවට භාර දුන් යුදහමුදාව

දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය-වඩ්ඩුකෝඩ්ඩෙයි වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය  කරමින් ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට ලබා දීමට යාපනය යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින මෙම වැව පිලිසකර කොට ජනතාව වෙනුවෙන් භාර දීමේ කටයුතු සිදු විය.

යාපනය,වඩ්ඩුකොඩ්ඩෙයි නිරිත ගොවි සංවිධානය හා යාපනය මිතුරෝ සංවිධානය යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීම මත යාපනය ආරක්ෂක සේනා ආඥපතිවරයාගේ මෙහෙයවීම මත යුධ හමුදා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ වැව ප්‍රතිසංස්කරණය කොට තිබිණ.

යුධ හමුදා ශ්‍රම දායකත්වය හා යන්ත්‍ර යොදාගෙන වැවේ ප්‍රමාණය විශාල කොට ගොවි ජනතාවට ජලය ලබා ගැනීමට හැකිවන අයුරින් වැව ප්‍රතිසංස්කරණය කොට තිබුණි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ගොවි ජනතාවට මෙන්ම සාමාන්‍ය වැසියන් වෙනුවෙන් මෙලෙසින් වැවක් පිලිසකර කර දීම පිළිබඳව ප්‍රදේශවාසී දමිළ ජනතාවගේ මහත් ප්‍රසාදයකට ලක්ව ඇත.

වැඩසටහන් අවස්ථාවට ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා,යුධ හමුදා ජේෂ්ඨ නිළධාරීන්, ප්‍රදේශයේ ‍ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,861 Viewers

One Comment to “යාපනයේ අතහැර දමා තිබූ වැවක් පිලිසකර කොට ජනතාවට භාර දුන් යුදහමුදාව”

  1. vis8 says:

    Well done! The peace loving Tamils in the North love the Army. It is the Tamil politicians and the diaspora who don’t want to see this.

Leave a Comment