යාපනයේ අයෙක් මිය ගියේ පොලිස් වෙඩිතැබීමෙන්.. සිවිල් පුද්ගලයන් පහක් අත්අඩංගුවට ගනී…

June 18, 2018 at 12:00 pm | lanka C news
යාපනයේ අයෙක් මිය ගියේ පොලිස් වෙඩිතැබීමෙන්.. සිවිල් පුද්ගලයන් පහක් අත්අඩංගුවට ගනී…

යාපනය මල්ලාකම් මන්සන්ධියේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්දියේ ගැටුම් ඇති කරගත් දෙපිරිසෙන් පුද්ගලයින් 05 දෙනෙකු අද (18) උදෑසන අත්අඩංගුවට ගත් බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

මල්ලාකම් කතොලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේදී පහරදීම් සිදු කල පුදගලයින් සම්බන්ධයෙන් සිදුකල මූලික පරික්ෂණ වලදී අදාල සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගැටුම හේතුවෙන් ගැටුම නිරාකරණය කිරීමට ගිය පොලිස් නිලධාරිවරයෙකුට එක් පුද්ගලයෙකු විසින් පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තැබීම නිසා 25 හැවිරිදි සුදර්ශන් කුලමන්කාල් නැමත්තා මිය ගියේය.

කෙසේ වෙතත් අදාල වෙඩි තැබීඹ හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පැවති නොසන්සුන් තත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති අතරම පොලිස් ආරක්ෂාව තර කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,156 Viewers
Main News