යාපනයේ තරුණයෙක් වෙඩි තබා මරයි.. STF දෙදෙනෙක් අත්අඩංගුවට…

November 3, 2017 at 5:30 pm | lanka C news
යාපනයේ තරුණයෙක් වෙඩි තබා මරයි.. STF දෙදෙනෙක් අත්අඩංගුවට…

යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකු පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (03) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනියුක්තව සේවය කරන ලද උපපොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු මෙසේ අද දහවල් සැක පිට අපරාධ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා  නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පෙර අදාල තරුණයාට වෙඩි තැබීම සඳහා යොදා ගත්තේයැයි සැකකෙරෙන යතුරුපැදිය ,ත්‍රී රෝද රථය හා ගිනි අවියක්ද පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබූ සී.සී.ටී.වී වීඩියෝ පට ආශ්‍රෙයනි.

මෙසේ අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථය හා යතුරුපැදිය ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි කොට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලබා දී ඇති බවටද සිදු කරන ලද විමර්ශන වලදී හෙලි වී ඇත.

පසුගිය ඔක්තොම්බර් 22 වනදා මණියන් තෝට්ටම් ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් සුව මිය ගියේය.

තරුණයාගේ මිය යාමෙන් පසුව පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ විමර්ශන වලින් පසුව අද දින මෙසේ පොලිස් විශේෂ කාාර්ය බලකායේ උපපොලිස් පරික්ෂක වරයෙකු හා කොස්තාපල් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එම දෙදෙනා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,465 Viewers

4 Comments to “යාපනයේ තරුණයෙක් වෙඩි තබා මරයි.. STF දෙදෙනෙක් අත්අඩංගුවට…”

  1. ගුමල් ලොව්කේ, මහනුවර says:

    මම මේ රට කොටියගෙන් බේරගන්න ලොකු වැඩකොටසක් කලා.

    ඒ වුනාට මම, මගේ රටටත්, ජාතියටත්, ආගමටත් වඩා ගූ.ඇම්. පී එකට කැමතියි. රටට, ජාතියට, ආගමට කෙලවුනත් කමක් නෑ ගූ.ඇම්. පී එක බලයට එනවා නම්.
    අලිමංකඩ පාමංකඩ කිව්වත්, තොප්පිගල කැලයක් කිව්වත්, මේ යුද්ධය පරදින යුද්ධයක් කිව්වත්, චැනල් 4 සිරිකොතට ගෙනැල්ලා කොටින්ගේ ප්‍රදර්ශන තිබ්බත්, රනවිරුවන් පාවාදුන්නත්, අළුත් ව්‍යවස්ථා ගෙනැල්ලා, උතුරයි නැගෙනහිරයි ආපහු කොටින්ට දුන්නත්………………..අපි ගූ.ඇම්.පී එකට තමයි ඩෝ ඡන්ද්ය දෙන්නේ. ඒ මගේ හැටි. අපි කැපුවත් කොල තමයි බොල.
    මේ, අපේ, ගූ.ඇම්.පී ආණ්ඩුව අපහසුතාවයට පත්කරන එස්.ටී.ෆ් එක විසුරුවලා, වෙඩි තියපු එවුන් හිරේ දාන්න ඕන.

  2. කොර්නල් ජයවි පොන්නෑන්ඩු says:

    ගුමල් ලොව්කේ,
    මාත් එහෙම තමයි බොල. ගූ. ඇම්.පී එකෙන් කියනවනම් අපි බුද්ධාගමට උනත් ඈටෑක් තමයි.

    • LION says:

      යාපනේ සිටන පාතාල කොටි කල්ලි එකිනෙකා මරාගන්නවා ඒවාට සැකකරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මේ සේරම බොරු චෝදනා කරන්නේ උතුරේ පොලිස් බලතල ජාතිවාදී දෙමළුන්ට ලබා ගැනීමටයි ..අපේ රණවිරුවන්ට බොරු අපරාධ චෝදනා කරනවා වගේ
      කොටින්ගේ රුකඩ යමපාලනය පාලකයන් මේවාට නිහඩයි …යමපාලනයට සාපවේවා !!!

  3. CORBRA says:

    NICE TRY TNA , WHO BELIEVE TIGER PROPAGANDA……Go to hell TNA racist Tamils

Main News