යාපනයේ දරුණු ගැටුමක්.. 24 ක් රෝහලේ..

June 10, 2018 at 8:40 am | lanka C news
යාපනයේ දරුණු ගැටුමක්.. 24 ක් රෝහලේ..

යාපනය වැල්වැටිතුරෙයි නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගන දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ ඇතිවූ දරුණු ගැටුමකින් තරුණයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වැල්වැටිතුරේ පොලීසිය කියා සිටියේය.

නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි අදාල ක්‍රීඩාංගන දෙකෙහි දිනපතා සවස් කාලයේ විවධ ක්‍රීඩා ඉසව් පැවත්වෙන අතර එහිදී ක්‍රීඩා අවසන් වී අඳුර වැටෙමින් පැවති අවස්ථාවේ ක්‍රීඩාංගන දෙකේ තරුණයින් අතර බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර එය දුර දිග යාමෙන් තරුණයින් පිරිසක් විසින් එක් තරුණයෙකුට පහරදීමෙන් පසුව ක්‍රීඩාංගන දෙකෙහිම සිටි තරුණයින් එක්ව හරදීගැනීම සිදුව ඇති බවට වැල්වැටි තුරෙයි පොලීසිය කියා සිටියේය.

පහරදී ගැනීම දරුණ වී ඇත්තේ ක්‍රීඩාංගනයේ පැවති පොලු මුගුරු වලින් පහර දී ගැනීම හේතුවෙන් තරුණයින් බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 21 දෙනෙකු යාපනය ඌරණී රෝහලටත් තවත් තුවාල ලැබූ 03 දෙනෙකු පේදුරුතුඩුව මන්දිගායි රෝහලටත් රැගෙන ගොස් ඇති බවටත් අදාල පහරදී ගැනීම සිදු කල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වෙනම පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,015 Viewers

2 Comments to “යාපනයේ දරුණු ගැටුමක්.. 24 ක් රෝහලේ..”

  1. LION says:

    කොටි මිනීමරුවන්ට විපාකේ පලදිලා

  2. LION says:

    ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු රටවල් අල්ඛයිඩා නායක බිල් ලාඩන්ව සැමරීමට ඉඩ දෙන්නේ නැත. එසේම රුසියාව විසින් චෙච්නියානු බෙදුම්වාදී නායක ශෝකාර් දුදායෙව් සැමරීමට ද ඉඩ නොදේ. ඉන්දියාව වීරප්පන්ව සැමරීමට ද අවසර දී නැත.

    තුර්කි රජය පී.කේ.කේ. කුර්දි ත්‍රස්‌ත නායකයන්ව සැමරීමට ද කිසිවිටෙකත් ඉඩක්‌ නොතබයි. එහෙත් තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට බිහිසුණු අපරාධ සිදු කළ කොටි මිනීමරුවන්ව සැමරීම සඳහා ඉඩදිය යුතු යෑයි මනෝ ගනේෂන් නමැත්තා කියයි. මේ අයිතිය දුන්නේ නැත්නම් උතුරු නැගෙනහිර සාමය හා සහජීවනය ඇති වන්නේ නැතැයි ද ඔහු කියයි. ගනේෂන්ගේ ප්‍රකාශය අනුව රජිව් ගාන්ධි ඝාතනය කළ ධනු හා ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කළ “බාබු” නමැති බෝම්බකරුවන් සැමරීමට ද ඉඩදිය යුතුයි. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌තවාදය දියත් කරමින් ළදරුවන් පවා ගස්‌වල කපා මැරූ කොටි ත්‍රස්‌තයන් සැමරීමට රජය අවසර දිය යුතුද යන්නයි.

    ලෝක ඉතිහාසය ලෙස බැලුවොත් කිසිම රටක්‌ ත්‍රස්‌තවාදීන්ව සැමරීමට ඉඩ දී නැත. එහෙත් මේ සියලු දේ සිදු වන්නේ ශ්‍රී ලංකාවේයි. කොටි ඝාතකයන්ව සැමරීම සඳහා ඉඩදීම යනු මෙරට වර්තමානය සහ අනාගතය උදෙසා සිය ජීවිතය දුන් රණවිරුවන්ට සිදුවන බරපතළ නිග්‍රහයකි.

Main News