යාපනයේ දුෂ්කර ගම්මාන වෙතට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාර…

May 12, 2018 at 2:05 am | lanka C news
යාපනයේ දුෂ්කර ගම්මාන වෙතට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාර…

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගියදා යාපනය කන්කසන්තුරේ මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් යන ගම්මානයන්හි වෛද්‍ය සායනයන් පවත්වන ලදි.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් ගම්මානවල නැවත පදිංචි කළ සිවිල් පුද්ගලයින් 280 කට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.

ඒ අනුව මෙම වැඩසටහන් මගින් බරපතල රෝගාබාධ සහ නිදන්ගත රෝග සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. මෙම වෛද්‍ය සායනය මගින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදි.

693 Viewers

3 Comments to “යාපනයේ දුෂ්කර ගම්මාන වෙතට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාර…”

  1. daminda says:

    hadawathin upan sanhindiyaawa………

  2. Amda says:

    මුන්දලාගේ ලොකුම නිජබිම් සන්කල්ප නිදන්ගත රෝගය හොඳ කරන්න අපිට පුලුවන් වෙයිද මන්දා

  3. indunil says:

    nijabima onae kuhaka deshapaalanayata…….

Main News