යාපනයේ පාලු ඉඩමක තිබූ ළිඳක තිබී අත්බොම්බ 40 ක් ගොඩ ගනියි…

April 11, 2018 at 2:03 am | lanka C news
යාපනයේ පාලු ඉඩමක තිබූ ළිඳක තිබී අත්බොම්බ 40 ක් ගොඩ ගනියි…

යාපනය තෙලිප්පලෙයි පලෙයිවීමන්කාමන් ප්‍රදේශයේ පිහිටි පාලු ළිඳක තිබී අත්බොම්බ 40ක් ඊයේ (10) සවස හමු වූ බවට තෙලිප්පලෙයි පොලීසිය කියා සිටියේය.

පලෙයි වීමන්කාමන් ප්‍රදේශයේ ජේ.232 ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ළිඳක් පිරිසිදු කිරීමට ගිය වැසියෙකුට පළමුව මෙම අත්බොම්බ කිහිපයක් හමු වී ඇති අතර පසුව ඒ බව තෙලිප්පලෙයි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව තෙලිප්පලෙයි පොලීසිය විසින් ඒ බව ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධානයකට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් ළිඳෙහි සිදු කරන ලද සෝදිසි කිරීම් වලින් පුද්ගල නාශක අත්බොම්බ 40 ක් හමු වී ඇති අතර එම බෝම්බ බොහෝ පැරණි ඒවා බවටත් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දමන්නට ඇති බවටත් තෙලිප්පලෙයි පොලීසය සැක පල කර සිටියේය.

ගොඩට ගත් අත්බොම්බ තොගය විනාශ කිරීමට අදාල බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය විසින් රැගෙන ගිය බවට පරික්ෂණ සිදු කළ තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,085 Viewers
Main News