යාපනයේ සංචාරක ධීවර ගැටලුවට විසදුමක් නොලැබීමෙන් දැවන්ත විරෝධතා පාගමනක්..

June 12, 2018 at 2:15 am | lanka C news
යාපනයේ සංචාරක ධීවර ගැටලුවට විසදුමක් නොලැබීමෙන් දැවන්ත විරෝධතා පාගමනක්..

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවර ගැටලුවට බලධාරීන් විසඳුමක් නොදීම හේතුවෙන් යාපනය නගරයේ ධීවරයින් විශාල පිරිසක්ගේ සහභාගීත්වයෙන් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

යාපනය දිස්ත්‍රීක් ධීවරයින්ගේ සංමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර යාපනය පන්නෙයි ධීවර හා ජලජ අමාත්‍යංශය ඉදිරිපිට සිට විරෝධතා පාගමනකින් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා පැමිණ නැවත ධීවර හා ජලජ අමාත්‍යශය වෙතට යාමට විරෝධතා කරුවන් සංවිධානය කොට තිබුණි.

යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය පුද්ගලික බස් රථසංගමය, ත්‍රී රෝද රථ සංගමය හා යාපනය වෙළඳ සංගමය යන සංගම් විසින්ද වක්‍රාකාරයව මෙම විරෝධතා පාගමනට සහයෝගය ලබා දී ඇත.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යලය ඉදිරිපිටට පැමිණි විරෝධතා කරුවන් විසින් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙතටත් උතුරු පාලත් ආණ්ඩුකාර කාර්යලය වෙතටත් සන්දේශ ලබා දීමට පියවර ගත් අතර සන්දේශයන් භාර දීමෙන් පසුව නවිරෝධතා කරුවන් නැවත පන්නෙයි ධීවර හා ජලජ අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවන්හි නිරත වූහ.

එහිදී විරෝධතා කරුවන් කියා සිටියේ

මරදන්කේනි වෙරලට පැමිණ ඇති අදාල සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු  විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් සිදු කිරීම හේතුවෙන් මරදන්කේනි මත්ස්‍ය සම්පත විනාශ කරන අතරම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් යාපනයේ පාරම්පරික් ධීවරයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් එම සංචාරක ධීවරයින් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටය,

මීට පෙර අවස්ථා දෙකකදී විරෝධතාවන් පැවති අතර එහිදී දින තුනක කාලයක් ධීවර ගැටලුව විසඳීමට කාලය දුන්නද විසඳුමක් නොලැබීම මත අද දින මෙසේ විරෝධතා පාගමනක් සංවිධානය කල අතර මෙයටද විසඳුමක් නොලැබෙන්නේ නම් මීට වඩා දැවන්ත විරෝධතාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවට යාපනය දිස්ත්‍රීක් ධීවර සංගය වැඩි දුරටත් කියා සිටියේය.

විරෝධතාව සඳහා යාපනය ධීවරයින් මෙන්ම දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජාතික ජනතා පෙරමුණ යන පක්ෂවල සාමාජිකයින්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

517 Viewers

Leave a Comment

Main News