යාපනයේ ස්ථාන 3 කදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි දෙදෙනෙකුට තුවාල නිවාස හා දේපලත් හානී….

September 8, 2018 at 2:02 am | lanka C news
යාපනයේ ස්ථාන 3 කදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි දෙදෙනෙකුට තුවාල නිවාස හා දේපලත් හානී….

යාපනයේ ස්ථාන 3 කදී ආවා කල්ලිය විසින් නිවාස 05 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභහානිද සිදුව ඇතයි ප්‍රදේශයන් භාර පොලිසිය කියා සිටියේය.

යාපනය කෝපායි පොලිස් වසමට අයත් කෝපායි දකුණ කොණ්ඩාවිල් පාරේ පදිංචි 36 හැවිරිදි ජෙයරත්නම් ජූඩ් ස්ටැන්ලි නැමත්තාගේ නිවසට පළමු ප්‍රහාරය එල්ල වී ඇති අතර  එම ප්‍රහාරයෙන් නිවසේ දේපල හානි සිදුව ඇති ඇත.

දෙවන ප්‍රහාරය එල්ල වී ඇත්තේ කෝපායි ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි  පද්මරාසා සජීවන් නැමත්තාගේ නිවසේ දේපල වලට හානි කොට පසුව නිවසේ සිටි 70 හැවිරිදි වේලුපුල්ලේ සෙල්වරාසා පුද්ගලාටද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කොට පලාගොස් ඇත.

තෙවන ප්‍රහාරය එල්ල වී ඇත්තේ ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සජීව් අනුෂාන් නැමති පුද්ගලයාගේ නිවසට පැන නිවසේ දේපල හානි කොට පලා ගොස් ඇත.

සිව් වන ප්‍රහාරය එල්ල කොට ඇත්තේ අංක 46 රජවීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි බාලේන්ද්‍රන් සරෝජනී දේවි නැමති කාන්තාවගේ නිවසට ඇතුල් වී නිවසේ දේපල වලට හානි කොට පසුව එම කාන්තාවටද තියුණු ආයුද වලින් පහරදී තුවාල සිදු කොට පලා ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අදාල පහරදීම් වලින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ කාන්තාව මේ වන විට යාපනය 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය කියා සිටියේය.

මේ අතර යාපනය චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ කුප්පිලාන් උතුර ප්‍රදේශයේ පදිංචි අරුලම්බරන් ජෙයරාසන් නැමත්තාගේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී නිවසේ තිබූ යතුරු පැදි දෙකකට හා දේපල හානි රැසක් සිදුකොට පලා ගොස් ඇත.

මෙම නිවාස 5 ටම පහර දීම සඳහා යතුරු පැදි 5 කින් පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති හෙයින් සියලු ප්‍රහාරයන් ආවා කල්ලියේ එකම කණ්ඩායමක් විසින් පහරදීමට පැමිණ ඇති බවට සැක කරන්නේ යැයි පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය හා චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

528 Viewers
Main News