යාපනය අර්ධ ද්වීපයේ බුදුදහම ව්‍යාප්තිය, ප‍්‍රචලිත වීම ඉතාමත් මන්දගාමීයි..- උතුරු ආණ්ඩුකාර

January 20, 2018 at 8:02 am | lanka C news
යාපනය අර්ධ ද්වීපයේ බුදුදහම ව්‍යාප්තිය, ප‍්‍රචලිත වීම ඉතාමත් මන්දගාමීයි..- උතුරු ආණ්ඩුකාර

උතුරු කළුතර පෞරාණික කන්දේ විවේකාරාම මහා විහාරාධිපති විශ‍්‍රාමික පරිවෙණාධිපති සමස්ථ ලංකා සාම විනිසුරු දේශාස්ත‍්‍ර කළුතර ශ‍්‍රී සීලරතන අනුස්මරණ පදනමේ අධ්‍යක්ෂ ශාසනකීර්ති ශ‍්‍රී සීලරතනාභිධාන පූජ්‍යපාද පනාපිටියේ පේමරතන නායක ස්වාමීන් වහන්සේ බටහිර පස් යොදුන් කෝරළයේ උප ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබීම උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිදු කෙරිණ.

කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රයිගම් කොරලයේ පනාපිටිය නම් සුන්දර ග‍්‍රාමයේ උපත ලැබූ පේමරතන නායක ස්වාමීන් වහන්සේ පනාපිටිය අගමැති විදුහලින් අධ්‍යාපනය ලබා 1967 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින විහාරාධිපති අතිගරු ගුරුබැද්දේ ශී‍්‍ර සීලරතන මහනායක ස්වාමීන් වහන්සේ සහ භාරත දේශයේ ප‍්‍රධාන සංඝ නායක කොළඹ මාළිගාකන්දේ නායක ස්වාමීන් වහන්සේලාගේ අචාරත්වයෙන් පැවදි භූමියට ඇතුළත් විය. අනතුරුව උතුරු කළුතර විද්‍යායතන පිරිවනින් උසස් අධ්‍යාපනය ලබා 1978 වර්ෂයේදී කළුතර විද්‍යාසාර පිරිවනේ ආචාර්යවරයෙකු වශයෙන් පත්වී පරිවෙණාධිපති පදවිය දක්වා උසස් විය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

උන්වහන්සේ ආචාර්යවරයෙක් හැටියට, පරිවේණාධිපතිවරයෙක් හැටියට, විහාරාධිපතිවරයෙක් හැටියට, සමාජසේවය කරන භික්‍ෂුන්වහන්සේ නමක් හැටියට, විචිත‍්‍ර ධර්ම කථිකවහන්සේනමක් හැටියට අප කවුරුත් දැනගෙන සිටියා. උන්වහන්සේගේ ජීවිතයේ විශාල ප‍්‍රමාණයක් අසරණ අහිංසක මිනිසුන් වෙනුවෙන් සුභසෙත අභිවෘද්ධිය වෙනුවෙන් කාලය ගත කළා. උන්වහන්සේගෙන් ඉගෙන ගත් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්නට උන්වහන්සේ දිවා ? නොතකා කැපකළා. ඇතිහැකි අය නොතකා ඒ සියලූ දෙනාටම දහමෙන් යුතුව මෛත‍්‍රියෙන් යුතුව වැඩකරපු යතිවරයාණන්වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට මේ ලැබුණු සංඝනායක පදවිය ශාසනයට ආලෝකයක් ගෙනදෙන්න ශාසනය බබලවන්න, දිදුලවන්න, හේතු කාරණාවෙයි කියා මා විශ්වාස කරනවා. අද මේ ලෝකයේ ඇතිවී තිබෙන සියලූම දේශපාලන අරගල වලට මේ සටන්වලට ලේ වැගිරීම්වලට මේ ජිීවිතවලට හේතුව බුදුන්වහන්සේගේ ධර්මය තේරුම් නොගැනීම, ප‍්‍රචලිත නොවීම කියන කාරණය බව කල්පනාකළා.

බුදුන්වහන්සේ සංඝයාවහන්සේලාට කිව්වා‘බහුජනහිතාය බහුජනසුඛාය’. සිව්දිශාවේම වඩින්න දේශනා කරන්න කියලා. දැන් මේ බුදුදහම ලෝකයේ බොහෝ තැන් වල ප‍්‍රචලිත වෙමින්, ව්‍යාප්ත වෙමින්, තිබුණත් අපේම රටේ සමහර ප‍්‍රදේශවලට ඒක තවමත් ව්‍යාප්ත වෙලා නැහැ. කොරියාවේ, ජපානයේ, යුරෝපයේත් ව්‍යාප්ත වෙලා. නමුත් අපේම රටේ යාපනය අර්ධ ද්වීපයට මෙම බුදුදහමේ ව්‍යාප්තිය, ප‍්‍රචලිත වීම ඉතාමත් මන්දගාමී කියා මම හිතනවා. ඒ ප‍්‍රදේශයේ ජනතාව දේශගුණයෙන්, දේශපාලනයෙන්, කුල භේදයෙන්, වර්ග වාදයෙන් පීඩා විඳිනවා. කුල භේදයට සැබෑ පිළිතුර දුන්නේ බුදුන්වහන්සේයි. බුදුන්වහන්සේ තමයි ලෝකයේ පහල වුණු ප‍්‍රථම සමාජවාදියා. ජාත්‍යාන්තරවාදියා. මානවහිතවාදියා. පරිසරවේදියා. මේ සියලූම කුල මල ජාති ආගම් බේදවලින් මෙහි තිබුණු විශ්වාන්තරවාදයක දර්ශනයක්.

අද ලෝකයේ සාමය ඇතිකරපු අයගේ නම් කියනවිට ඒබ‍්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා, තෙරේසා මව්තුමිය, මහත්මා ගාන්ධිගේ නම් කියවෙනවා. මම හිතන්නේ ඒ සියල්ලටම වඩා බුදුරජාණන්වහන්සේ උතුම්. ප‍්‍රමුඛයි, ජ්‍යේෂ්ඨයි. එම නිසා මෙම දහම ප‍්‍රචලිත කර ගැනීමට හැකිනම් අපේ රට සමගි කරගැනීමට මහා දායාදයක් කිරීමේ දාර්ශනික පසුබිම බුදුන්වහන්සේ අපට දී තිබෙනවා. ඒ සඳහා මාක්ස්වාදය, ටෝස්කිවාදය, නැතිනම් ස්ටැන්ලිවාදය සොයාගෙන මේ කාගෙවත් පසුපස අපට ගමන්කිරීමට අවශ්‍යවන්නේ නැහැ. යුරෝපයටත් ඒ දේ උගන්වන්න අපට පු`ථවන්.

අද අප රටට නොයෙකුත් විදේශිකයෝ එනවා. ඔවුන් අප රටේ කොළොම්පුරවරයට එක අඩියක් තබපු ගමන් අනික් පය කෙළින්ම තබන්නේ යාපනය ප‍්‍රදේශයට. ඔවුන් යාපනයට ඇවිත් අප මුණගැහිලා ඔවුන් අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන හැටි, මානව හිමිකම් දෙනහැටි, මානව උරුමකම් ලබාදෙන හැටි එයට ගතයුතු පිළිවෙත දර්ශනය, අපට උගන්වනවා. හැබැයි මා දන්නා පරිදි ඔවුන්ට නැවත බුදුදහමේ දර්ශනය කියලා දුන්නාම ඔවුන් නිරුත්තර වෙනවා සහ ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා බුදු දහම බුදුන් වහන්සේගේ දර්ශනය මේ රටේ අනාගතය විතරක් නෙවේ. ලෝකයේ අනාගතය වෙනුවෙන් ලෝක දර්ශනයක් හැටියට අද මේ නායක පදවියට පත්වන අපේ නායක ස්වාමිපාදයාණන් වහන්සේ එවැනි දර්ශනයක උරුමක්කාර, හිමිකාර, නායකකාරක කටයුත්තක් කරන්න ප‍්‍රසිද්ධ නායක ස්වාමීන් වහන්සේ නමක්.

උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

3,861 Viewers

3 Comments to “යාපනය අර්ධ ද්වීපයේ බුදුදහම ව්‍යාප්තිය, ප‍්‍රචලිත වීම ඉතාමත් මන්දගාමීයි..- උතුරු ආණ්ඩුකාර”

  1. love nature says:

    මේ කුරුස කාරයා දැනගන්න ඕනේ සර්වබලදාරි දෙවියන් වහන්සේ බුදු දහම පිළිගන්නේ නැති බව

  2. john the baptice says:

    දෙවියන් වහන්සෙ මෙ ලොකය මැව්වෙය , උන්වහාන්සෙගෙ කැමැත්ත මත හැමදෙම වෙන්නෙය. එ නිසා උන්වහන්සෙ සර්වබලදාරි වනසෙක.

    මැතකදි සිදුවුනු කොස්ලන්ද කෙදවාචකයෙ පටන් ලොකය බිහිවු දාසිට අරුමැති මිනිසුන් සිදුකල සැම හොද නරක දෙයක්මත් , ආපු හැම සුනාමියක්ම්ත්, ගන්වතුර, ගිනිකදු, වයිරස්, යුද්ද ඇතුලුව දෙවියන්ගෙ කැමත්ත මතම සිදුවු දෙවල් පමනකි

    මෙමෙ සැම දෙයාක්ම දෙවියන් වහන්සෙගෙ හුදු ආතල් එක සදහාම පමනක් වන ඒවා බව සලකන්න

  3. love nature says:

    කතෝලික බලපෑම්

    වෙරළබඩ බෞද්ධ සිද්ධස්ථාන කැඩීමෙන් ලැබුණු ගල්, කොළඹ කොටුව සැදීමට යොදාගත් බව ‘16th Century Clash of Civilizations” නමැති ග්‍රන්ථයේ සඳහන් වන බව පැවසේ.

Main News