යාපනය කොටුවේ වසර 2700 කට පෙර තිබූ වෙළඳ පොළක් හා ජනාවාස…

August 6, 2018 at 6:48 pm | lanka C news
යාපනය කොටුවේ  වසර 2700 කට පෙර තිබූ වෙළඳ පොළක් හා ජනාවාස…

යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කරන ලද කැනීම් හා පරික්ෂණ වලදී සොය ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳ පොලක්ව පැවති බවට විශ්වාශ කල හැකි බවට පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මහතා කියා සිටියේය.

යාපනය කොටුව පිළිබඳව ඊයේ (05) දින එහි පැවති දේශනයකට සහභාගී වෙමින් එස්.පුෂ්පරත්නම් මහතා ඒ බව කියා සිටියේය.

එහිදී ආචාර්ය වරයා වැඩි දුරටත් පවසා සිටියේ ,

‘මීට වසර 2700 කට පෙර යාපනය කොටුව ආශ්‍රිතව විශාල වෙළඳපොලක් පැවතියා සේම ජනාවාස පිහිටුවා ඇති බවටද සාධක මතුවී ඇති අතරම එම ජනාවසා දකුණු ඉන්දියාව සමග මුහුදු මාර්ගයන් ඔස්සේ  ඉතා කිට්ටු සබඳකම් පවතා ඇති බවටද ඉගි පලවී ඇති බවටයි.

ඊට අමතරව යාපනය කොටුව තුල විශාල සිර ගෙයක්ද තිබූ බවට සාක්ෂි ලැබී ඇති හෙයින් පෘතුගීසි සමයේදී එවැන්නක් සිදු කොට ඇති බවටද එහි සිදු කරන ලද කැනීම් වලදී පස්තට්ටු නවයක් හමුවූ බවටද අදාල පස් තට්ටු පිළිබඳවද පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවටද ආචාර්ය එස්.පුෂ්පරත්නම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,634 Viewers

5 Comments to “යාපනය කොටුවේ වසර 2700 කට පෙර තිබූ වෙළඳ පොළක් හා ජනාවාස…”

  1. Chan says:

    Jaffna dambakolapatuna kiyanne ape pradana varaya ethenta thama sri maha bodhiya pava vadammavagena ave

  2. LION says:

    අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

    රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

    මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

    යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න

  3. TS says:

    මේ එන්නෙ යාපනයේ පුරාණ දෙමළ ජනාවාස තිබුණු බව පැවසීමටද?

  4. කිරි ටොයියා says:

    යකෝ ….. අවුරුදු 2700 කට කලින් යාපනේ නගරයක් තිබුනට රනිල් මොනව කරන්නද ….
    බය්යෝ….. මෝඩයෝ…..

Main News