යාපනය පුස්තකාලයට ගිනිතියලා අවුරුදු 37යි.. මිය අය සිහිකොට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වයි

June 2, 2018 at 12:40 pm | lanka C news
යාපනය පුස්තකාලයට ගිනිතියලා අවුරුදු 37යි.. මිය අය සිහිකොට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වයි

යාපනය පුස්තකාලයට ගිනි තබා සිදු කල විනාශයට ජුනි 01 වනදාට වසර 37ක් පිරීම හා පුස්තකාලය ගිනි ගන්නා අවස්ථාවේදී සිදු වූ වෙඩිතැබීම් වලින් මිය ගිය සිව් දෙනෙකු සිහි කරමින් අද උතුරු පලාත් සබාවේ සහ වගරසභාවේ නියොජිතයින් පිරිසක් විසින් පුස්තකාලය ඉදිරපිට පහන් දල්වා මිය ගිය අය සිහි කරනු ලැබීය.

1981 වසරේ ජුනි මස 01 වැනිදා රාත්‍රියේ යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිදු වූ අතර එහිදී පුස්තකායේ තිබූ වටිනා දුර්ලබ වර්ගයේ පොත් දහස් ගණණක් විනාශයට පත් වූ අතර පුස්තකාලය ගිනි ගන්නා අවස්ථාවේදී පුස්තකාලය ඉදිරිපිටදී වෙඩි තැබීම්ද සිදු වූ අතර එහිදී පුස්තකාලයේ සේවය කරන ලද සිව් දෙනෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති අතරම එසේ මිය ගිය අය සිහිපත් කොට අද දින මෙසේ යාපනය පුස්තකාලය ඉදිරිපිටදී පහන් දැල්වීම සිදු කරන ලදි .

පහන් දැල්වීමේ අවස්ථාවට උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් , යාපනය මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම පහන් දැල්වීමට පෙර යාපනය පුස්තකාලයේ වත්මන් කාර්ය මණ්ඩලය විසින්ද මිය ගිය අය සිහිකොට ඔවුන්ට ගෞරව කිරීමේ වැඩසටහන් අවස්ථාවක් සංවිධානය කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,365 Viewers

8 Comments to “යාපනය පුස්තකාලයට ගිනිතියලා අවුරුදු 37යි.. මිය අය සිහිකොට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වයි”

  1. සුනිල් අත්තනායක says:

    Un karannema jaathivaadaya awulavana dewal okada sanhindiyawa kiyala ponna aanduwa ida denne,..oya vidihatama LTTE Eke ballo visin marapu ape minissuth sihi karanna giyoth kohomada…
    jaya srima bhodiya ghathanaya,
    kabilithi gollewa ,colombo, dehiwala ,
    kochchara nam ahinsaka sinhala minissu maruawada kaalakanni demellu,

    • සුදා says:

      ලංකාවේ විනාස උනේ මේක විතරද .අපේ මීහරක් මෙච්චර නිවට මොකද ?කොටි මොනතරම් විනාශයක් කලාද මිනිස්සු කිදාහක් මැරුවද ගම කියක මිනිස්සු කපල කොටලා මැරුවද ?දීපල්ලකෝ ඒ ගම්වලට පහසුකම් .මේ බම්බුවට හැම වුරුද්දකටම සැරයක් පොත් දෙන්නේ පිස්සුද ?උතුර දකුණ යාකරන පාලම කියල මේ බම්බුවට හැමදාම යන්නේ මොකටද පලයල්ලකෝ කොටි විනාශ කරපු දළදා මාලිගාව ඉදිරිපිට ඒ විනාශය සමරලා පහන් දල්වන්න කොටි බෝම්බ පුපුරුවපු තැන්වල දල්වපල්ලකෝ පහන් .

  2. daminda says:

    30 wasaraka viyaru yuddayae upatha………….

  3. sinha le says:

    අරන්තලාවේ දෙමළ කොටි බික්ෂු කපා කොටා මරා දාපු එකට උබලාගේ කනගාටුව නැහැ දැනගනිල්ලා ඔය පුස්තකාලය සැදුවේ සිංහලයන්ගේ බදු මුදල්වලින් බව තොපිලා ලැජ්ජා වෙන්න ඕනේ.

  4. David Milli-banda says:

    Dharmasiri Bandaranayake may athara thura $$$$ wagayak gilala wa-maarai……

    $$$$ gilinakan hitiyane mewa gane kiyanna.

  5. buruputha says:

    Jaffna pusthakalaya gini thibbe vena kauruth neve amana JR saha Ranilge melechcha UNP bath bala hamudave sanhidiya karayo thama.

  6. Saradiel says:

    යාපනය පුස්තකාලයේ ඉතිහාසය 1842 දී ඉංග්‍රීසීින්ගේ පාලන සමය දක්වා විහිදී තිබේ. යටත් විජිත සමයේ යාපනය හැඳින්වූයේ මිෂනාරි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙසය. හින්දු ආගමේ සිටි බොහෝදෙනෙක් සුද්දන් බලයෙන් කතෝලික ආගමට හරවන ලදී.

  7. ගිනිතියලා අවුරුදු 37යි says:

    ගිනිතියලා අවුරුදු 37යි. දැන් එකා මහ බැංකුව ගිලලා අවුරුදු තුනයි. සංවේදී නිසා අවුරුදු 30 කට ලැයිස්තුව දෙන්ට බා. මගේ මුනුබුරාලට පුළුවන් ලිස්ට් එක අරන් ගලක නම් කපන්න. මැදවච්චි යෙන් දැන් කිලිනොච්චි යන්ටත් පුළුවන්. පළපුරුදු නායකයා.එදත් නායක සේනා නායක…අදත් නායක බණ්ඩාර නායක..ඒ වාසගම් නැති උනත් එක්සත් ජාතික නායක වාසගම ගිනියන්න පැ බට්ටෙක් නෑ සිංගප්පුරු යනවා ලගදීම.

Main News