යාපනය පොලීසිය හඩවමින් බෝම්බ විශේෂඥ සුනක සාසා මිය යයි..

December 9, 2018 at 12:40 pm | lanka C news
යාපනය පොලීසිය හඩවමින් බෝම්බ විශේෂඥ සුනක සාසා මිය යයි..

යාපනය කෝපායි පොලීසියට අනියුක්ත කොට සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු වශයෙන් සැලකූ පොලිස් සුනක සාසා හදීසි අසනීපයක් හේතුවන් ඊයේ (08) දින මිය ගිය බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

බෝම්බ සහ පුපුරණද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා සිටි සාසා කොපායි පොලීසියේ මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආධාරයට පාත්‍ර වූ සුනකයෙකු විය.

සාසා පොලිස් සුනකයා දරුණු වකුගඩු රෝගයකින් පෙලී මිය ගිය අතර සුනකයා භාරව සිටි පොලිස් සැරයන් 32896 සමරවීර නිලධාරියා ඇතුලු පොලිස් නිලධාරීන් විසින් සාසා සුනකයාගේ අවසන් කටයුතු ගරු බුහුමන් සහිතව කෝපායි පොලීසියේදී සිදු කරනු ලැබීය.

2010 මැයි 28 වනදා උපත ලද ඇති සාසා නෙදර්ලන්තයෙන් ගෙනවිත් මෙසේ බෝම්බ පිළිබඳව පුහුනුව ලබා ඇති අතර වසර කිහිපයක් පුරාවට කෝපායි පොලීසිට මහත් සේවයක් ලබා දෙමින් සේවය කල සාසා පසුගිය දින කිහිපයේදී රෝගාතුර වී ඇති අතර සාසා බොරාගැනීමට කල හැකි සියලු ප්‍රතිකාරයන් සිදු කලද සාසා සුනකයාගේ දිවි බේරා ගැනීමට නොහැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

සාසා මිය යාමෙන් පසුව මරණ පරික්ෂණ කටයුතු තිරුනෙල්වේලී පසු වෛද්‍ය කාර්යාලයේදී සිදු වූ අතර එම පරික්ෂණ කටයුතු වලින් අනතුරු සාසා පොලිස් නිල සුනකයාගේ අවසන් කටයුතු කෝපායි පොලිස් නිලධාරීන් සිදු කරනු ලැබීය.

25,424 Viewers

7 Comments to “යාපනය පොලීසිය හඩවමින් බෝම්බ විශේෂඥ සුනක සාසා මිය යයි..”

  1. Donald Isuru Wilegoda says:

    RIP

  2. ගෙම්බා says:

    මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා කිවුවට උතුම් වැඩ කරන බල්ලො කොච්චර ඉන්නවද? බල්ලා වුනත් කළ සේවය ගරු කිරීම උතුම් මනුස්ස ගතියක්

    • maraya says:

      යාපනේ ප්‍රදේශයට කල අගනා සේවය වෙනුවෙන් බෝම්බ විශේෂඥ සුනක සාසා ගේ ස්මාරකයක් යාපනේ නගරයේ සෑදිය යුතුයි
      මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් බෝම්බ අටවා රටට කල විනාශය සුළුපටු නොවේ ..ත්‍රස්තවාදීන්ට කිසිසේත් සමාව නොදිය යුතුයි
      බෝම්බ විශේෂඥ සුනක සාසාට නිවන් සුව ලැබේවා !!

  3. as says:

    පොලිස් උත්තමචරා … පුදකරලා අවසන් කටයුතු කරන්න !! ඔහු කල සේවයට !!

  4. බහුතරයක් වූ දෙපා සුනකයින් ජීවත්කරවීමට, විනාසකාරී බෝම්බ අනතුරු අලවා දෙන බොහෝ සුනකයින් ඒ හේතුවෙන්ම පිලිකා හා මෙවැනි රෝග වැළදී මෙලෙස අකාලයේ දිවියෙන් සමුගන්නවා.
    බෝම්බ සෙවීමට යන්ත්‍ර හෝ දැන් විදේශයන්හි දකින්නට ලැබෙන රොබෝ සුනකයින් බහුලව යොදා ගැනීමට ඇති හැකියාව ගැන බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් එය අහිංසක සත්ව ලෝකයට කරන මහඟු සේවයකි.

  5. samantha says:

    should have tried the option of transplantation

  6. Pilath says:

    Saasaala yawnna diyawannawata. me kakul deke mee gonnunta wada Honda sewayak karai !!

Main News