යාපනය මුහුදේදි අතුරුදහන් වූ ධීවරයින් තිදෙනා හමු වෙයි..

May 30, 2018 at 2:08 am | lanka C news
යාපනය මුහුදේදි අතුරුදහන් වූ ධීවරයින් තිදෙනා හමු වෙයි..

යාපනය කූරිකට්ටුනවාන් ධීවර ජැටියෙන් මුහුදු ගොස් දින දෙකක් තිස්සේ අතුරුදහන් වූ ධීවරයින් තිදෙනා සමග ඔවුන් ගමන්ගත් ධීවර යාත්‍රාව (29) නැවත පැමිණ ඇති බවට යාපනය ධීවර පරික්ෂක කාර්යාලයේ නිලධාරීන් කියා සිටියහ.

පසුගිය 26 වනදා සවස ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනාගේ යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුදින පැමිණීමට නොහැකි වූ බවත් පසුව දිනක් පුරාවට යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂය සකසා ගැනීමට ගතවූ පසු නැවත ගොඩබිමට පැමිණි බවට අතුරුදහන් වූ ධීවරයින් තිදෙනා පවුලේ ඥාතීන් වෙතට පවසා ඇත.

මෙසේ අතුරුදහන් වූවේ යාපනය නාවන්තුරෙයි උතුර ප්‍රදේශයේ පදිංචි ටී.මැල්කන්, සෙබමාලෙයි ඇලෙක්ස් සහ ඒ.රූබන් නැමති ධීවරයින් වන අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව හා පොලීසියද සෝදිසියක් දියත් කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,329 Viewers
Main News