යාපනය සරසවියේ කොටි සැමරුම් ස්මාරකයක් හදන්න අවසර ඉල්ලයි…

July 10, 2018 at 6:48 pm | lanka C news
යාපනය සරසවියේ කොටි සැමරුම් ස්මාරකයක් හදන්න අවසර ඉල්ලයි…

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි 2009 වසරේදී අවසන් යුද කාලසීමාවේදි මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකරමින් ඔවුන් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාර්කයක් සැඳීමට යාපනය මහා ශිෂ්‍ය සංගමය විසින් ගත් උත්සහයක් අවසරය නොලැබීම නිසා එම උත්සහය අසාර්ථක වී ඇත.

මුල්ලිවයික්කාලිහි මිය ගිය වැසියන් වෙනුවෙන් ඔවුන් සහිකරමින් යාපනය විශ්වවිද්‍යාල භූමියේ ස්මාර්කයක් සැදීම සඳහා මූලික අත්තිවාරම දමා තිබියදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මීට පෙර එය නතර කරන ලෙසට දැනුම් දීමෙන් පසු ස්මාර්කයේ ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබුණි.

පසුව ඊයේ (09) දින යලිත් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් යාපනය විශ්වවිද්‍යාල උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා හමු වී සාකච්ඡාවක නිරත වී ඇත.

එහිදී උපකුලපති වරයා විසින් මහා ශිෂ්‍ය සංගමයට දැනුම්දී සිටියේ අදාල ස්මාර්කය ඉදිකිරීමට තමන්ට අවසර දීමට බලයක් නොමැති බවටත් එහි බලය ඇත්තේ විශ්වවිද්‍යාල කොමිෂණ් සභාවට බැවින් එමගින් අවසරය ගන්නා ලෙසටත් මුලන් අදාල ස්මාර්කයේ ඉදිකිරීම් ආරම්භක අවස්ථාවේදීද තමන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වූ නිසාවෙන් අදාල ස්මාර්කයේ ඉදිකිරීම් නැවත්වීඹට පියවර ගත් බවටත්ය.

උපකුලපතිතුමන්ගේ එම ප්‍රකාශය ඇතම් සිසුන් පිළිගනු ලැබුවද තවත් සිසුන් පිරිසක් විසින් විරෝධයක්ද පා ඇත.         

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,063 Viewers

4 Comments to “යාපනය සරසවියේ කොටි සැමරුම් ස්මාරකයක් හදන්න අවසර ඉල්ලයි…”

  1. ෂංඉඳියා says:

    අවසර දෙනු මැනවි ප්‍රබාගෙ ස්මාරකය හදන්නට
    අඹලා රාජිත වම් පැත්තෙන් වඳිනව ස්මාරකයට
    වඳිනව චන්ඳ්‍රිකා දකුණු පැත්තෙන් අඹලා හොඳට
    කලවිට සංහිඳියා බැබලේ රණවිරු කල අබිමානෙට

  2. Nana says:

    This should be difinitely allowed. Why cant they remember their lost ones ? We should show we are civilised people. NOT ONLY CIVILIANS DIED EVEN FAMILY MEMBERS OF LTTE should be able to remember them but without glorifying the terrorism. All LTTE’ers were not recruited with full consent. If people joined LTTE with their consent, they should be punished for their deeds by law, but the right to remember them should be there. But their acts shouldnt be remembered. Then only people will accept that people in South are not autocratic and ultimately forget the past.

  3. හින්බබා says:

    යාපනය සරසවියේ කොටි සැමරුම් ස්මාරකයක් හදන්න අවසර ඉල්ලු ඒ සියලුම සිසුන්ගේ පංති තහනම්කර ඔවුන් LTTE ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමට උත්සාහ දැරීම සම්බන්දව පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත යුතුයි මෙවැනි සිසුන් අනාගතයේදී අපේ රටට අනතුරකි

  4. OLU says:

    දෙමළ ජාතිවාදී ඊළම් ත්‍රස්තවාදී සිහිකර අපේ රටේ ස්මාරක සෑදීමට කිසිසේත් ඉඩනොදිය යුතුයි
    ලෝකයේ කුමන රටේද ත්‍රස්තවාදීන්ට සිහිවටන සෑදුවේ ..පලයව් තැමිල් නාඩුවට එහෙ ගිහින් හදා ගනිව්
    මේ අපේ සිංහල මාතෘ භුමිය.. LTTE ත්‍රස්තවාද සැමරුම් උතුරෙන් සදහටම තුරන් කල යුතුයි .
    විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගත තීරණය අපි අගය කරමු ..එයට අපේ ස්තුතිය

Main News