යාපනය සරසවියේ ගැටුම්.. පොලීසියට පැමිණිලි.. සිසුන් 8 කගෙ පංති තහනම්…

January 19, 2018 at 5:30 pm | lanka C news
යාපනය සරසවියේ ගැටුම්.. පොලීසියට පැමිණිලි.. සිසුන් 8 කගෙ පංති තහනම්…

යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 08 කගේ දින නියමයක් නොමැතිව පංති තනම් කිරීමත් සමග ඊයේ (18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටමක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිළි සම්බ්නධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

යාපනය සරසවියේ කලමණාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වන වසරේ සිසුන් දෙපිරිසක් අතර යාපනය පරමේස්වරන් මන්සන්ධියේ ඇති වූ බහින්බස් වීමක් දුරදග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර අදාල ගැටීම සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියේ අද (19) දින උදෑසන පැමිණිල්ලක් දමා ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ඉහත සිසුන් අට දෙනාගේ පංති තහනම් කිරීමට විරෝධය කලා අංශයේ සිසුන් සියල්ලෝම පංති වර්ජනයක නිරත වෙන අතරම ඊයේ දින කලමනා කරණ පීඨයේ සිසුන් දෙපරිස අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්ද කෝපායි පොලීසියෙන් සිදු කරන පොලිස් පරික්ෂණ වලට අමතරව යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන්ද විනය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,237 Viewers

One Comment to “යාපනය සරසවියේ ගැටුම්.. පොලීසියට පැමිණිලි.. සිසුන් 8 කගෙ පංති තහනම්…”

  1. lion says:

    කොටින්ගේ යාපනයේ සරසවිය වසාදමන්න

Main News