යාපනය සරසවියේ පැරණි සිසුවෙක් නවක සිසුවෙකුට රෝහල්ගත වෙන්න ගුටි අනී..

May 20, 2018 at 4:40 pm | lanka C news
යාපනය සරසවියේ පැරණි සිසුවෙක් නවක සිසුවෙකුට රෝහල්ගත වෙන්න ගුටි අනී..

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිටි නවක සිසිවෙකුට කලා අංශයේ සිවුවන වසරේ සිසුවෙකු විසින් ඊයේ (20) රාත්‍රියේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නවක සිසුවා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය සරසවියේ පූබාලසිංහම් නේවාසිකාගාරයේදී අදාල සිව්වන වසරේ සිසුවා විසින් නවක සිසුවෙකු වූ බදුල්ල ඔක්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි ටිලේස්වරන් කුගනේස්වරන් නැමති සිසුවාට නවක වදය ලබා දෙන මුවාවෙන් මෙම පහරදීම සිදු කොට ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී අදාල නවක සිසුවා වතුආශ්‍රිතව ජීවත්වන නිසාවෙන් සිවුවන වසරේ සිසුවෙකු නවක වදය ලබාදෙන මුවාවෙන් මුදල් ඉල්ලා ඇති අතර එහිදී මුදල් ලබා නොදීම නිසාවෙන් මෙම පහරදීම සිදුව ඇති බවටත් පහරදීමෙන් තුවාල ලැබූ නවක සිසුවා යාපනය මහරෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත් අදාල පහරදීම සිදු කල සිසුවා සම්බන්ධයෙන් අද දිනයේදී පරික්ෂනයක් සිදු කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,198 Viewers

4 Comments to “යාපනය සරසවියේ පැරණි සිසුවෙක් නවක සිසුවෙකුට රෝහල්ගත වෙන්න ගුටි අනී..”

  1. ෂංඉඳියා says:

    හා හා ! බලාගෙනයි!

    සංහිඳියාවට බාදාවෙයි!

  2. john the baptice says:

    යාපනේ වෙල්ලාල වරු පහත සදහන් දෙමළ වර්ගයාට සලකන්නේ මේ විදියට මුන් තමා පාලන බලය ඉල්ලන්නේ මුන්ව විනාස කිරීම පහත සදහන් දෙමළ ජනයා විසින් කල යුතුව ඇත

    කරෙයියාර්
    නලවාර්
    පරයියාර
    පල්ලර්
    තුරුම්බර්

  3. Love nature says:

    ඉන්දියාව තුළ පීඩිත දලිත් ප්‍රජාවේ ගොවි පවුලකට උපකාර කිරීම නිසා තමන් සමාජයෙන් පිටමන් කර ඇතැයි එරට දකුණු දිග තෙලන්ගානා ප්‍රාන්තයේ වෙසෙන කාන්තාවක් පවසයි.

    රෙඩ්ඩි නම් ඉහළ පාන්තික කුලයකට අයත් 50 හැවිරිදි සාමා ඉන්ද්‍රා පවසන්නේ ඇය සමඟ කතා කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් 5000 ක දඩයක් ගැසීමට වරිග සභාව තීන්දු කර ඇති බවයි.

    දලිත් කුලයේ ගොවියකුට මෙම තැනැත්තියගේ ඉඩමක් කුලියට දීම නිසා ආරෝව හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

    කුලවාදය මත පදනම් වූ වෙනස්කම් පෑම් රැසක් ඉන්දියාවේ සමහර ප්‍රදේශ තුළ දිගින් දිගටම සිදු වෙමින් පවතී.

    හින්දුන් විසින් එරට කුල ධුරාවලිය කුල හතරකට බෙදා ඇත.

    එයට අයත් නොවන ප්‍රජාව සැලකෙන්නේ අස්පර්ශී ‘පහත්’ කුලිකයන් ලෙසටය.

  4. David Milli-banda says:

    Ara Soysa…………………………This is retribution !!!!!!!!!!!!!!

Main News