යාපනය සරසවියේ සිසුන් සිව් දෙනෙකු රිමාන්ඩ්…

January 24, 2018 at 2:11 am | lanka C news
යාපනය සරසවියේ සිසුන් සිව් දෙනෙකු රිමාන්ඩ්…

යාපනය සරසවියේ කලමනාකරන පීඨයේ සිසුන් සිව් දෙනෙකු කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරී 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා දින නියෝග කොට ඇත.

යාපනය සරසවියේ කලමණාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වන වසරේ සිසුන් පිරිසක් අතර පසුගිය 18 වනදා යාපනය පරමේෂ්වරන් මන්සන්ධියේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදී ගැනීමක් සිදුව ඇත.

අදාල පහරදී ගැනීම සම්බන්ධයෙන් එම පීඨයේම සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කෝපායි පොලීසිය විසින් සිදුකළ පරික්ෂණ වලින් අනතුරුව අදාල සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙසේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව බන්ධනාගාරගත වී ඇත්තේ යාපනය සරසවියේ කලමනාකරණ පීඨයේ තෙවන වසර හෙට්ටිආරච්චිලාගේ ප්‍රසාද් කුමාර, අසංක සම්පත් කුලරත්න 3 වසර, ගේෂාන් කරුණාතිලක 3 වසර, මාණික්කලාගේ නිමේෂ් මධුෂංඛ දිසානායක යන අය වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

856 Viewers
Main News