යාපනේට සැබෑම වෙනසක්.. නැවතත් යුද්ද කාලෙට යයි.. මාර්ග බාධක දමා ජනතාව පරීක්‍ෂා කිරීම් ඇරඹේ..

October 16, 2018 at 8:40 am | lanka C news
යාපනේට සැබෑම වෙනසක්.. නැවතත් යුද්ද කාලෙට යයි.. මාර්ග බාධක දමා ජනතාව පරීක්‍ෂා කිරීම් ඇරඹේ..

”ආවා” කල්ලියේ සාමාජිකයින් යාපනය දිස්ත්‍රීක්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන්  යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර යාපනය මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අධිකරණය මගහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයින් හා බීමතින් රියපැදවූවන් මෙන්ම විවිධ වැරදි සිදුකල පුද්ගලයින් ඒ අතර වෙයි.

මෙම සෝදිසි පරික්ෂාවන් වෙනුවෙන් උතුරේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් 500 ක් පමණ දෙනා යොදවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් කියා සිටියේ මිනිසුන්ගේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.

එමෙනම් යාපනයේ ජනතාව ”ආවා කල්ලිය” ඇතුළු කල්ලිවලට බියේ ජීවත් වන අතරතුර පොලීසිය ද මහමග යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය ද පරීක්ෂා කරමින් සහ හැදුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවති වාතාවරණය යාපනයට පැමිණ ඇති බවටත් මෙම තත්ත්වය තවත් ඉදිරියටත් පැවතියහොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවද   උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,335 Viewers

11 Comments to “යාපනේට සැබෑම වෙනසක්.. නැවතත් යුද්ද කාලෙට යයි.. මාර්ග බාධක දමා ජනතාව පරීක්‍ෂා කිරීම් ඇරඹේ..”

  1. Ariyathilaka says:

    කාලෝචිත ක්‍රියාවක්. රටේ පොදු නීතිය සුරක්ෂිත කළ යුතුය. එය උතුර ද දකුණ ද කියා වෙනසක් නැතිව දෘඪව ක්‍රියා කර පොදු මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.

  2. kamal says:

    හුරේ ඉක්මනින්ම නැවත යුද්ධයක් පැමිනේවා. මහින්ද මහත්තයාගේ අගය වැටහේවා.

    • Alapaluwa says:

      අපි කිවා නේද මේක මේ කාලකන්ණි රටගත් දවසේ සිට හරිනේද දැන් ඔන්න නිකමට හරි බයක්ය සැකයක් නැතිව යන්න තිබුණ තැන දැන් ඉතින් බැහැ බැහැ පලයල්ලකෝ.මුන්ට පුලුවනිද රටක් පාළනය කොරන්ඩ.අනේ අම්මපා මේ වසල ජෝඩුව තවම ඉන්නවනේ සමහරක් කකුල් දෙකේ ගොන් නාම්බන්ගේ කැමැත්තත් සමග.

  3. Nim says:

    SATHUTIN SAMADANA YEN
    JEEWATH WEEMATA AKA MATHI
    MANASIKATH WAYA
    DURU KIREEMATA
    MULU MAHATH JANATHA WAMA
    WAGA BALAGATHA UTHIEE.

  4. LION says:

    උතුරේ සැම ගමක්ම නගරයක්ම ලන්දේසින් විසින් සකසන ලද දෙමළ නම් වෙනස්කර පැරැණි සිංහලනම් බාවිතා කල යුතුය

  5. sinha le says:

    යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ.

  6. Alapaluwa says:

    නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කඩන්න තියාගන්න එපා. අපි මේවා කිවා බොහෝ ඉස්සර.කොහොද අම්මගේ සහජීවනයක් කියා තුරුල් කරගන්න හැදුවනේ .දැන් මුන්ට ගැලවීමක් නැ චන්දයට ප්‍රථම වුණු පොරොන්දු ඉටුකරණ.තෙක් දැන් ඉතින් ඉටුකරපන් එවුන්ගේ වුවමනාවල්. කාලකන්ණි මුසලයෝ දෙදෙනා .කොතරම් ලස්සණට තිබුණු රටද යුද්දයෙන් පසු.

  7. sinha le says:

    මේ කල්ලි නැවත් වීමට එකම පිළියම සිංහලයන් විසාල ප්‍රමාණයක් උතුරේ පදිංචි කිරීමයි

  8. silva says:

    laksha 62 harak ranchuwata jayawewa

  9. Saroja says:

    Demala Muslim kalli gahunoth ethanath kala watema kanawa.

Main News