‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’- ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ..

September 27, 2017 at 6:48 pm | lanka C news
‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’- ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ..

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.

ගරු සභාපතිතුමනි,

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමල පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමන සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙන්වාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමනක් නිසායි.

ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමල ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාම දෙමල ජාතිකයෙක්. දෙමල ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුනා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් මහතා දෙමල ජාතිකයෙක්. වර්ථමාන මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමල ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තය්යා මුලරිදරන් මහතා දෙමල ජාතිකයෙක්. දෙමල ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස් පති වරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමල ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමල ජාතිකයින්. අද උතුරු පලාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක්. කොළබ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්ටීවී අයිති මහාරාජා නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ෆුඩ් සිටී අයිති පේජ් නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිශ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමල ජාතික පවුලටයි. මට මේ ආකාඅරයට දිගින් දිගටම කියාගෙන යන්නට පුලුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමල ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”? අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස් නිසා එතෙක් ඔවුන් සතුව තිබු මේ ආධිපත්‍යය නැති වේයැයි එද සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලූවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය් 10% ටත් අඩුයි. එද දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නානම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනැක් ලබා දී තිබෙනවා. තැබිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්ථිමත් වනවා. මේ අකාරයට ජාතික කොඩියෙන් පවා සුලුජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය් කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙකම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි. සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමනක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.

කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කන්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමනයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියටද නැත්නම් සුලු ජාතියකටද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?

නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමනක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමනයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.

ඇත්තෙන්ම කියනවානම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙන්වා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්මයි. එයට හේතුව විදෙශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුල වාදයයි.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත් , උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද ?. පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද ?

දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධවූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතුයැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි. 1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වු පනතෙන් හඳුන්වාදුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්ණය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. මේ කිහිපයක් පමනයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද ?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමන දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට

1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නය වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්ථවදයේ ආරම්බයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.

වසර තිහක් අප සියලුදෙනාම ත්‍රස්ථවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටම ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබේනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වී ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටු බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්බ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමින දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආන්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල , දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණුවන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)

47,720 Viewers

49 Comments to “‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ..’- ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ..”

  1. Sepalika Ranatunge says:

    A great presentation. We Sri Lankans are indebted to you and the other members of your patriotic delegation!

    • රටට ආදරේ අය ඉන්නවනං මෙන්න මේ ලිපියේ ඇති රන්වන් කරුණු යොදාගෙන ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල (අපේ ලක්ෂ62ට කියවන්න ) පෝස්ටර් නිර්මාණය කරන්න. ඒවා හැමෝම facebook, twitter, instegram හ අනෙකුත් ඩිජිටල් ක්‍රම (such as email) තුලින් ව්‍යාප්ත කරන්න. මෙය යුගයේ අවශ්‍යතාවයකි. උතුරු නැගෙනහිර දන්න දන්න නෙවස් වලට තැපැල් කරන්න. යුගයේ අපේ යුතුකම අපට හැකි අයුරින් ඉටුකරමු. එවිට ජාතිවාදී දේශපාලුවන්ට ඇති හැකියාව සීමා වේවී.

    • හෙළබිමට පණමෙන් says:

      “හෙළබිම රකිනා හෙළබිම විරුවනි”.. ඔබ සැම “හෙළබිම සත්ත” විසින් නිති රකිනවා සත්තයි… වැදූ මව්ට උපන් රටට ණය නැති ඔබ වන් හෙළ විරුවන් නිදුක් නීරෝගී වේවා.. ආයුශ වැඩේවා..

    • fass says:

      Great person, great speech…long life Sir!

    • Nalaka says:

      excellent speech Sir. we need such a intellectuals. as you said present government giving chance to diaspora and other Europe cunning crow to work against Sri Lanka and Geneva Sri Lankan representatives never oven there mouth against LTTE or European. if they follow the Korian representative what said to Trump and US that will be great.

    • Amda says:

      Great speech ! Hats off!!!

  2. Saradiel says:

    ආචාර්ය නාලක ගොඩහේවා මහතාට අපේ උත්තමාචාරය …

  3. Shiva says:

    I have never heard any one giving real facts openly and these are facts and Lanka c news should publish his full speech and make available vedeo clip and it is not only Tamil politicians but our politicians hide facts in order to get minority votes and above them all they give a wrong impression to our people and world to fool them to achieve their personal goals

    • Critic says:

      I do completely agree with you Shiva and salute Pro.Godahewa for his excellent presentation!A real son of Mother Sri Lanka.I wish him & others, those who participated in that conference, triple gem bless!

      • Rabok says:

        we salute you Sir – for the first time someone found the courage to speak the clear truth of Tamil problem –

  4. Ela buwa says:

    You should be our president. No other words. God may hold you on the palm of his hand for long live. Love you Mr, Nalaka.

  5. DB says:

    mewa tamil wlatath translate krla utura nagenahira minissunwth danuwth krnna.ethkota e ayagen 1%k wth aththa terum gnine.

  6. Sadda says:

    Very very comprehensive account. It should be propagated among general tamil population to educate them.

  7. sanidu sooriarachchi says:

    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

  8. Nalin says:

    රණවිරුවන් ජිනීවා යුධ අධිකරණයට ගෙන යන පෙරහරේ කසකරුවන් ගේ අඳෝනාව දැන් පෙන්නනවා …බලන්න ජිනිවා මානව හිමිකම් හිමිකම් සැසිවාරය සහ වයිකෝ- යහම්පත් ගැටුම

  9. kumara says:

    කලකින් දැක්ක හොද ලිපියක් . ප්රස්ණය නිවැදිව දැක නියම උත්තරයක් දී ඇත. මෙය සාර්තක කරගන්න නම් මෙය ඉංගුරීසි ඇතුලු වෙනත් භාෂා වලට පරිවර්තණය කර ‍බෙදාහැරිය යුතුයි. තවද මුහුණු පොතේ බෙද‍හෙැරීමට සුදුසු ලෙස සියලු භාෂා වලින් සැකසිය යුතුයි

  10. Susil says:

    Excellent presentation!
    We are not against the Tamil brothers and sisters.
    We are against politicians and their henchmen dividing the country.
    Foreign Minister can now learn from this brave delegation.
    At least reimburse their cost of this trip.

  11. Perera says:

    මු ජාතිවාදී පරයෙක් .

    • Chandana De Silva says:

      ජාතිවාදී පරයා කවුද කියලා කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා බලපං. උඹ දෙමළ තඩියෙක්. බොරු නම් වලින් Comments දාන. වල් බූරුවා. උඹලා කාපු කෑම මදිද. ආයෙත් කන්න ඕන නම් කෙලින් වරෙල්ලා. ප්‍රභාකරන්ට දුන්න වගේම ආයෙත් දෙන්නම් හැදි දෙමළා. වල් මූසලයා

    • saman says:

      Thope ammagen ahapiya tho thaaththa kiyanne eththa thaaththatada kiyala..

    • hitan-hutan says:

      මේ පෙරේරා නම් බල්ලා වරත්තු බල්ලෙකුට දාව උපන් වල් බල්ලෙකි.

    • සිල්වා says:

      තෝ සක්කිලියෙකුට ජාතක වෙච්ච එකෙක්.

    • Kumara Perera says:

      පෙරේරා මහත්තයෝ උඹ ඉන්න තැනක් කියලා Comment එකක් දාපං. ජාතිවාදීන් කවුද කියලා උඹගේ ලඟටම ඇවිල්ලා කියලා දෙන්නම්. උඹ මේ දේශනය හොඳට අහපං. සිංහල එකත් කියවපං. තේරෙන්නේ නැත්නම් උඹගේ මව් භාෂාවෙන් කියවපං.

      හැඩි දෙමළා.

      යකෝ අපිට තමයි අපේ රටේ නිදහසක් නැත්තේ. දෙමළ හැත්තට ලංකාවේ ඕනම තැනක ගිහින් ඕන වල් වැඩක්, බලු වැඩක් කරන්න පුළුවන්. සිංහල අපි හොඳ වැඩියි.

  12. Ananda says:

    ලක්ෂ 780ක් වූ දෙමළ ඩයස්පෝරාව එක මිටට එකතු කරන්නේ කවුද?

  13. චාමිකර says:

    මැතිඳුනි මෙහේ සිට මම ඔබට වඳිමි.

  14. LION says:

    ඇයි මේදේවල් සිරිසේනට කියන්න බැරිඋනේ පබයෙක් නිසාද ?

    • Wild Horse says:

      He was elevated to that position by the majority of Tamil and Muslim votes.
      So, do you think that he will go against them?

    • රාජපති says:

      පඹයෙක් ගෙන්නම් අඩු ගානෙ කුඹුරකට හරි වැඩක් තියෙනවා, ගොයම් ටික කන්ඩ එන සත්තුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගන්න. මෙයාගෙන්නම් පවුලෙ අයට ඇර මේ රටේ කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නෑ.

  15. Chandana De Silva says:

    ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමණි, පියානණි, ඔබ ඇතුළු පිරිස කරනා සේවය ඉතාම ගෞරවණීයයි.! විශිෂ්ඨයි!. අති විශිෂ්ඨයි!

    මේ ක්‍රියාදාමය ජාත්‍යන්තරය තේරුම් ගන්නා තෙක් නොකඩවාම ගෙන යා යුතුයි. දෙමළ ඩයස්පෝරාවේ සාවද්‍ය මත විනාස කිරීමට ඔබ, ඔබ කණ්ඩායම ගෙන ඇති උත්සාහය සිංශල අපට ඉතාම ආඩම්බරයකි. පුදුම සතුටක් ඇඟට දැනෙනවා. ඒක කියාගන්න ක්‍රමයක් නැහැ.

  16. සුකුමලී says:

    නියමයි මල් හතයි. Great job akkaa.

  17. harindra says:

    Well said sir. I selute you.

  18. Ranjan says:

    Well done. Excellent. Jaya wewa.

  19. Gotaimbara says:

    Dr Nalaka Godahewa, thank you is not the correct word to offer our appreciation. Sarath Weerasekera and your team are doing what our government must be doing.

    Please provide the video link and the English translation.

    Jayawewa! Theruwan Saranai.

  20. Lester says:

    Good job..respect you and the team…Great work by true patriots. this is the better truth.

  21. podu says:

    හොදයි,රට වෙනුවෙන්රටේ ජනතාව වෙනුවෙන් මේ කරන මෙහෙය අගය කල යුතුයි නියම ඇත්ත නෙද මේ පවසන්නේ රට නියොජනය කරන අය විදේශ වලදි කිව යුත්තේ මෙවයි එහෙම නැතුව අපි රට බෙදනවා දෙමල ජනතාවට වෙනම කොටසක් දෙනවා ඔවුන් පවු යනාදි වශයෙන් විදේශයන්හිදි පවසන අපරටේ නායකයෝ මෙහෙට ඇවිත් අපට කියන්නේ මොනවද විදේශ රට වලින් කියනවා අපේ රට බෙදන්න කොටසක් දෙමලුන්ට දෙන්න එයාලා පවු කියලා අපි නෙවේ වෙනම රාජ්යක් දෙන්න කියන්නේ විදේශ රටවල් තමයි එහෙම කියන්නේ,අපේ නායකයෝ අපට කියනවා නමුත් අපේ නායකයොම තමයි විදේශ රට වලට යොජනා කරන්නේ රට බෙදන්න කියලා මේ ක තමයි ඇත්ත

  22. podu says:

    හොදයි,රට වෙනුවෙන්රටේ ජනතාව වෙනුවෙන් මේ කරන මෙහෙය අගය කල යුතුයි නියම ඇත්ත නෙද මේ පවසන්නේ රට නියොජනය කරන අය විදේශ වලදි කිව යුත්තේ මෙවයි එහෙම නැතුව අපි රට බෙදනවා දෙමල ජනතාවට වෙනම කොටසක් දෙනවා ඔවුන් පවු යනාදි වශයෙන් විදේශයන්හිදි පවසන අපරටේ නායකයෝ මෙහෙට ඇවිත් අපට කියන්නේ මොනවද විදේශ රට වලින් කියනවා අපේ රට බෙදන්න කොටසක් දෙමලුන්ට දෙන්න එයාලා පවු කියලා අපි නෙවේ වෙනම රාජ්යක් දෙන්න කියන්නේ විදේශ රටවල් තමයි එහෙම කියන්නේ,අපේ නායකයෝ අපට කියනවා නමුත් අපේ නායකයොම තමයි විදේශ රට වලට යොජනා කරන්නේ රට බෙදන්න කියලා මේ ක තමයි ඇත්ත aaaa

  23. Boo says:

    I am very proud of you and the team, who are the true leaders of Sri Lanka who has the backbone and courage to talk openly on behalf of the country.

  24. perera says:

    සරත් වීරසෙකර,නාලක ගොඩහේවා,යහම්පත් මහත්මිය සහ බෙන්ගමුවේ නාලක ස්වමින්වහන්ස එතුලු සියලු ඩෙනාටම තෙරුවන්සරනයි, මේ කරන ජාතික සෙවයට.මේ සදහා කිසියම් අරමුදලක් පිහිටවනවා නම් අපි එකසිතින් එයට සහයෝගය ඩෙන්න සූදානම්.ජාත්යන්තරව කරගෙනයන මෙම බොරුව පරාජය කිරීමට සහ තවත් ඉදිරියට සිදුවන අකටයුතුකම් පරාජය කිරීමට ඔබ සෑමට දිර්ගායු වේවා.

  25. Sarathkumara Prematilake says:

    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

  26. M de silva says:

    Great presentation. Please get this translated into Tamil and English and publish in all newspapers in Srilanka especially in Tamil newspaper like Thinakaran etc etc.
    Best wishes Dr.Nalaka pls keep up the good work with your team members such as admiral Sarah Weerasekara .

  27. For the Nation says:

    Please give un an english translation of this speech

  28. A9 says:

    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

  29. Nana says:

    Good Work. But we shoudnt try to stop others talking. (like trying to confront Vaiko). That only backfires. We should explain our side of the story and sit down. Let the others decide.

  30. NAK says:

    Better late than never.
    This kind of a rebuttal was long overdue.
    I am glad that people of the caliber of Dr.Godahewa coming forward in defense of our mother land. I congratulate you Dr. Godahewa, Dr.Weerasekara, Ms.Yahampath and the rest of the team for the excellent job.
    Please keep up the good work going.
    Next time include excesses by the LTTE and how the Tamil politicians colluded with them.

  31. Somapala hewage says:

    Nalaka godahewa mahathanani, oba Sri Lanka maths wage thumb putha rathnayaki. Obata thruwan saranin jayama wewa !

  32. Somapala hewage says:

    Nalaka godahewa mahathanani, oba Sri Lanka maths wage thumb putha rathnayaki. Obata thruwan saranin jayama wewa ! Sohewa.

  33. බෙබා says:

    EXCELLENT…..!!!

  34. වීදියබණ්ඩාර says:

    ඔබ සැමගේ කැපවීම අපට ලොකු දහිරියක්
    ඔබ සැමට දෙව් සරනයි

  35. Jeeva says:

    Could anyone can translate this in English and up loaded in Face Book!!!! pls…..

Main News