යාපනේ යතුරු පැදි කල්ලි නොනවතී… යලිත් කපා කොටා පලා යයි..

August 27, 2017 at 12:40 pm | lanka C news
යාපනේ යතුරු පැදි කල්ලි නොනවතී… යලිත් කපා කොටා පලා යයි..

යාපනය කරෙයිනගර් වඩුක්කෝට්ඩෙයි ප්‍රදේශයේදී ලංගම සේවකයෙකුට 25 දා රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුද වලින් පහර දී තුවාල සිදුකොට පලා ගොස් ඇතයි වඩුක්කෝට්ඩෙයි පොලිසිය පැවසුවේය.

25 රාත්‍රී 9.30 ට පමණ සිදුකර ඇති මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල සිදුව ඇත්තේ ලංගම රියදුරෙකු වන ලෝගේෂ්වරන් දේවේන්ද්‍රන් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකු බව පවසන පොලිසිය තුවාලකරු මේවන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කියා සිටියේය.

බස් රියදුරු සේවය නිම කොට නිවස වෙත පැමිණෙමින් සිටියදි නිවස ආසන්න ප්‍රදේශයකදී යතුරු පැදියකින් පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු විසින් එකවරම තියුණු ආයුද වලින් පහරදීම සිදුකර පලාගොස් ඇති අතර අදාල පහරදීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට සැක කරන බවටත් පහරදීම සිදු කළ පුද්ගලයින් සොයා පරික්ෂණයක්ද සිදු කරන බවට වඩුක්කෝට්ඩෙයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,254 Viewers
Main News