යුද්දයක් එපා කියමින් කිලිනොච්චියේ දමිළ වැසියන් විරෝධතා..

December 5, 2018 at 5:30 pm | lanka C news
යුද්දයක් එපා කියමින් කිලිනොච්චියේ දමිළ වැසියන් විරෝධතා..

උතුරු නැගෙනහිර හෝ ලංකාවේ කිසිදු පලාතක යලි යුද්දයක් ඇති නොවීමට සියලු දෙනා එක්විය යුත බව පවසමින් කිලිනොච්චියේ දමිළ වැසියන් විශාල පිරිසක් ඊයේ (04) දින විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චියේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද මෙම විරෝධතා පෙලපාලිය සඳහා කනකපුරම් ක්‍රීඩාංගනයේ සිට කිලිනොච්චිය නගරයට පැමිණි මෙම පා ගමනට කිලිනොච්චියේ නැවත පදිංචි වැසියන් ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

පාගමනට සහභාගී වූවන් එහිදී කියා සිටියේ,

‘ යුද්දයෙන් දැඩි බලපෑමක් එල්ල වූවේ කිලිනොච්චිය නගරයට බැවින් මේ වනතුරුත් යුද්දයේ බලපෑම හේතුවෙන් නිවාස හෝ ඉඩම් නොමැති වැසියන් විශාල පිරිසක් සිටින අතරම යුද්දය හේතුවෙන් විනාශ වූ බොහෝ දෑ මේ වන තුරුත් සංවර්ධනය නොවූ බවටයි.

එමෙන්ම යුද්දය හේතුවෙන් ලංකාව පුරාම විශාල පිරිසක් මිය ගිය බවත් එවැනිම පිරිසක් තුවාල ලැබීම් හෝ විවිධ ආබාධයන්ට ලක්ව ඇති අතරම විශාල පිරිසක් මේ වන තුරුත් අතුරුදහන් සිටින බැවින් නැවත එවැනි යුද්දයක් දැකීමට කිසිවෙකුට අවශ්‍ය නැති බව පවසමින් මෙම පා ගමන සංවිධානය කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,401 Viewers

5 Comments to “යුද්දයක් එපා කියමින් කිලිනොච්චියේ දමිළ වැසියන් විරෝධතා..”

  1. Aceman says:

    Colombian ‘posh’ ‘radical’ Sinhalayanta wada apey rata gena awabodayak Kilinochchiye yuddeyn peeda winda apey dravida Sahodara janathaawata thiyanawa.

  2. Gotaimbara says:

    Thank you citizens of Kilinocchi. That is the wish of all the citizens of this country except for TNA and UNP MPs.

  3. dileepa says:

    yes u are correct

  4. Sinhalaya says:

    Un athi karau yudde paduwa untama dan therila. Sinhalayata karanna deyak naha.Dan wath theruna eka loku deyak. Thama TNA kotinta oka therila naha.

  5. vis8 says:

    Thank you, peace loving innocent Tamils! The Tamil politicians like sambandan wont like this .. ha ha. It is only these power-hungry Tamil politicians and the guilt ridden diaspora who want war and separatism…

Leave a Comment