යුද්දය නිසා විනාශ වූ උතුරේ වැව් 600 ක් රජයෙන් හදන්න යයි…

April 30, 2018 at 2:07 am | lanka C news
යුද්දය නිසා විනාශ වූ උතුරේ වැව් 600 ක් රජයෙන් හදන්න යයි…

රජයේ වැව් ප්රතිසංස්කරණය කිරීමේ වැඩ සටහන යටතේ යුද්දය හා විවිධ හේතූන් මත විනාශ වූ උතුරේ වැව් 600 ක් ප්රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති බවට වාරිමාර්ග නිලධාරීහු කියා සිටිත.

මෙසේ ප්‍රතිසංස්කරණය කෙරෙන වැව් 600 න් එක් පියවරක් වශයෙන් කිළිනොච්චිය දිස්ත්රි ක්කයේ කුඩා වැව් 44 ක් ප්රේතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇතැයි කිළිනොච්චිය සහකාර වාරිමාර්ග ඉංජිනේරු එස්.ආයාස්කුනම් මහතා පැවසීය.

මේ තෝරාගෙන ඇති වැවු 44 සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවත් එම තොරතුරු හා අවශ්යය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙන් පසුව වැව් ප්තිසංස්කරණය කිරීමට අව්ශ්‍ය මුදල් ප්රිතිපාදන ලැබෙන බවත් සහකාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මෙම වැව් 44 අතරින් වැව් 13 ක් කඩිනමින් ප්රෙතිසංස්කරණය කිරීමට අවශ්‍ය බව පවසන එම නිලධාරියා ඊට හේතූන් වන්නේ වසර ගණනාවකින් එම වැව් ප්රනතිසංස්කරණය කොට නොමැති නිසා එම වැව්වල වැව් කණ්ඩි පවා සේදීගොස් තිබීම නිසා වර්ෂා කාලයේදී එම වැව් විනාශ වීමට ඉඩ ඇති ෙහයින් ඉක්මන් පිලිසකර කිරීමක් සිදු කරන බවටද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් උතුරේ බොහෝ වැව් විනාශ වී ඇත්තේ යුද්ද හේතුවෙන් වන අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් උතුරේ බොහෝ වැව්හි වැව් බැමි විනාශ කර දැම්වේ යුද හමුදාවගේ ඉදිරි ගමන්මග වැලක්වීමටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,273 Viewers
Main News