යුද්දෙන් විනාශ වූ මුලතිව්හි පොල් කර්මාන්තය නගා සිටුවන්න යුද හමුදාවෙන් පොල් පැල 5000 ක් වැසියන්ට…

August 4, 2018 at 2:05 am | lanka C news
යුද්දෙන් විනාශ වූ මුලතිව්හි පොල් කර්මාන්තය නගා සිටුවන්න යුද හමුදාවෙන් පොල් පැල 5000 ක් වැසියන්ට…

අවසන් යුද්දය පැවති මුලතිව්හි විනාශ වූ පොල් වගාවන් වෙනුවෙන් පොල්පැල 5000ක් නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පොල්පැල ලබාදීමේ උත්සවය පැවති අතර 68 වන සේනංකාධිපති මේජර් ජෙනරල් එච්.ආර්.එන්.ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්ද්‍රවල මහතාගේ අනුමැතිය පරිදි පාසිකුඩා පොල්වගා කිරීමේ මණ්ඩල පැල තවාන විසින් පොල් පැල් ලබා දී තිබුණි.

මුලතිව් දිස්ත්‍රීක්යේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ග්‍රාමසේවා වසම් 14 ක නැවත පදිංචි වැසියන් ‍වෙනුවෙන් මෙම පොල්පැල ලබා දුන් අතර පොල් පැල ලබාගත් වැසියන් වෙනුවෙන් පොල් පැල වගා කිරීමට ප්‍රථම භූමිය සකස් කෙරෙන අයුරු, පොල් වගාකරන අයුරු , පොල් වගා කල පසු නඩත්තු කටයුතු ආදි දේ පිළිබඳවද පොල් වගා කිරීමේ මණ්ඩල නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

පොල් පැල බෙදා දීමේ උත්සව අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති, 68 වන සේනංකාධිපති, ඇතුලු සියලුම බලසේනාවන්හි බලසේනාධිපති වරුන් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,667 Viewers

One Comment to “යුද්දෙන් විනාශ වූ මුලතිව්හි පොල් කර්මාන්තය නගා සිටුවන්න යුද හමුදාවෙන් පොල් පැල 5000 ක් වැසියන්ට…”

  1. KP says:

    ලේ රහ වැටුනු හිවල්ලුන්ට බත් කන්න දුන්නාට ඒකෙ වටිනා කමක් දැනේනේ නෑ ආයිබෝං! උන්ට ඕන ලේ… මුන්ට ඕනේ ප්‍රභාකරන්…. ඌ නොමරා තියං ඉඳලා ඉල්ලනකොට එලියට දාන්න තිබුනා බලන්න රඟේ

Leave a Comment

Main News