යුද හමුදාපති බලඇණියක් සමග ගොස් යාපනය කොටුවේ බලය කාටදැයි පෙන්වයි..

August 2, 2018 at 8:40 am | lanka C news
යුද හමුදාපති බලඇණියක් සමග ගොස් යාපනය කොටුවේ බලය කාටදැයි පෙන්වයි..

යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (01) යාපනයේදී පැවසීය.

යුදහමුදාපති වරයා ඊයේ දින යාපනය කොටුවේ සංචාරයක නිරත වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

පසුගියදා මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  සිදුකළ ප්‍රකාශයනට පිළිතුරු දෙමින් යුදහමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා

“මම හැමෝටම කියන්න කැමතියි ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන්  යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙයම නෙමෙයි.

ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හාටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.

කවුරුන් හෝ පුරවැසියෙක් හරි  එහෙම නැත්නම් රජයේ ආයතනයක් හෝ මේ ස්ථානයට එනවානම් අපි සාදරයෙන් පිළිගන්නවා වගේම එයාලා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සුදානම්.“

‘මම කටුනායක සිට පලාලි එන අවස්ථාවේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා මුණගැසී සාකච්ඡා කරන්න අවස්ථාව සලසගත්තා එහිදී අපි සාකච්ඡා වුනා පළමුව ආරක්ෂාව පිළිබඳවත් ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් පිළිබඳවත් එම ඉඩම් කොතරම් ඉක්මනකින් ලබා දෙන්නේද යන්න පිළිබඳවත් යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,741 Viewers

11 Comments to “යුද හමුදාපති බලඇණියක් සමග ගොස් යාපනය කොටුවේ බලය කාටදැයි පෙන්වයි..”

  1. sakalabujan says:

    Ela

  2. Kamal says:

    සිංහල සංවිධාන යනු පච මෝල් ය.

  3. දිනේශ් says:

    රත්තරං චේන් හොරා නේ කියලා තියෙන්නේ… සහතික ඇත්ත!! 😬

  4. sky says:

    සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් පිළිබඳවත් එම ඉඩම් කොතරම් ඉක්මනකින් ලබා දෙන්නේද යන්න පිළිබඳවත්..
    හැමදාම කරන්නේ අධිආරක්ෂක ඉඩම් උතුරේ දෙමල කොටින්ට බෙදා දීම ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගතයන් ලංකාවෙට ගෙන්වා ඉඩම් ලබා දීම
    උතුරේ ඉඩම් කෙසේද( දුම්කොල වවන්න ඉන්දියාවෙන් ආපු වහලුන්ට ) දෙමල ජාතිකයන්ට අයත් වන්නේ ?
    උතුරේ සිටිය සිංහලයන් තාමත් අනාථ කදවුරු වල.. ඒ අය සතු ඉඩම් ලබා නොදෙන්නේ මන්ද ?
    උතුරේ ජනගහනය වැඩි කිරීමට දෙමල ජාතිවාදී දේශපාලකයන්ගේ අවශ්‍යතා සපුරාදීමක් ඉඩම් බෙදා දීම …
    හමුදාපති තුමෙනි රට ජාතිය ගැන ,ජාතික ආරක්ෂාව වගකීමෙන් කටයුතු කරන්න …උතුරේ මහා ඇමති දෙමළ බෙදුම්වාදී ජාතිවාදීයෙක් ….යහපාලන රුකඩ ආණ්ඩුවේ නටවන කොටි රූකඩයක් නොවී නියම දේශහිතෙෂි සෙන්පතියෙක් වන්න ..

  5. Vasana says:

    උතුරේ ජාතිවාදී ඊළම්වාදී කොටිහිතවාදී දෙමල දේශපාලකයන් ගේ ප්‍රකාශවලට එරෙහිව අපේ හමුදාව කටයුතු කල යුතුයි උතුර අපේ මව් බිමේ එක් පලාතක් ..දෙමළ ජාතීන්ට අයත් රටක් හෝ කොලනියක් නොවේ ..
    හමුදාපති තුමෙනි , මේ ඉඩම් බෙදාදීමෙන් අනාගතයේදී අපේ රටට ජාතික ආරක්ෂාවට සිදුවන්නේ විශාල අනතුරක්
    අධිආරක්ෂක කලාප දෙමල උතුරේ ජාතිවාදී ඊළම්වාදී කොටින් ට බෙදාදීම නතර කරණු ..අපේ රණවිරුවන් දිවි පුදා බේරාගත් මේ ඉඩම් ඊළම් වාදීන්ට පවරාදීම නතර කරනු

  6. mali says:

    Army commander is another yahapalana man.He is trying his best to stay in his position.He does not need a country,He may already have plans to settle in a europe ,canada or Australia with the help of the tamil diaspora.
    All the lands in the country are srilankan lands they are not tamil lands.If so we need to categorise sinhala lands and should be dealt with accordingly getting rid of all the army camps occupied by sinhal a lands.Sinhal people have become landless.If you go to north or east there are large plots of lands marked with barbed wires but no occupants are seen in the vicinity if there are people lived areas there should be houses built but none

  7. mali says:

    This land distributing should be stopped immediately.Army commander has become the sole authority of everything in the north and east just to stay in the position he is selling everything.There should be a national policy to land and its government territory,Army is distributing government lands without proper documents.If there are owners there should be age- old documents, not just mahaviru leaflets issued by prabakaran.

  8. Sadda says:

    ඔයා ඔය කිව්ව අරයා මොනා කියයිද කවුද දන්නෙ .

  9. Ananda says:

    ජාතික වීරයින් බිහිකළ විශිෂ්ට තම ජාතික විද්‍යාස්ථානයකින් බිහිවූ ඔබ නිවැරදි තීරණ ගනු ඇති යයි අප සිතමු.

  10. Jeewantha says:

    TO Aanada,While agreeing your statement,sorry to say Field Marshall Sarath Fonseka is the one who tarnishing this great school.

Main News