යුද හමුදාවෙන් මුලතිව් නැවත පදිංචි වැසියන්ගේ දෑස් පාදයි

January 13, 2018 at 6:48 pm | lanka C news
යුද හමුදාවෙන් මුලතිව් නැවත පදිංචි වැසියන්ගේ දෑස් පාදයි

මුලතිව් යුදහමුදාවේ 59 වෙනි සේනාංකය මගින් පළාතේ නැවත පදිංචි දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා අක්ෂි සායනයක් පවත්වා ඔවුන්ගෙන් 250 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් 11-12 දිනයන්හි මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහලේදී පැවත්විණි.

මුලතිවු ආරක්ෂක සේනාංක අඥාපති මේජර් ජනරාල් ආර්.ඩබ්ලිව්. රාජගුරු මහතාගේ උපදෙස් මත 59 වන සේනාංකාධීපති මේජර් ජෙනරාල් එන්.ඩී.වන්නිආරච්චි මහතාගේ මගපෙන්වීම මත 592 වන බලසේනාව විසින් මෙම වැඩසටහන සංවිධානයකොට තිබුණු අතර මූල්‍ය දායකත්වය ජෝර්ජ් ගුණරත්න විශේෂඥ දෘෂ්ඨි ආයතනය හා ලක්මණ් අබේගුණවර්ධන මහතාගේ විසින් ලබා දී තිබුණි.

මෙම සායනයේදී පලමු ඇස් කණ්නාඩිය මුලතිව් ගණදෙවි කෝවිලේ පී.පලනියන් කුරුක්කල් තුමා වෙතට පැළඳවීම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,623 Viewers
Main News