යුද හමුදාව දමා උතුරේ ඇලවේලි හාරයි..

October 6, 2018 at 2:03 am | lanka C news
යුද හමුදාව දමා උතුරේ ඇලවේලි හාරයි..

මාස 6කට අධික කාලයක් පුරාවට දැඩි නියං කාලගුණයක් පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට මේ දිනවල වර්ෂාව ඇදහැලීමත් සමග ගොවීන්ට ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන ඇල වේලී පිලිසකර කර දීමට කිලිනොච්චිය ආරක්සක සේනා මූලස්ථානය වසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි 56 වන සේනාංකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම මහතාගේ අධීක්ෂණයෙන් 651 සහ 653 බලසේනාවන්හි පාබල රෙජිමේන්තුවට අයත් සෙබලුන් විසින් කිලිනොච්චිය වව්නිකුලම් අවැවට අයත් ඇල්වේලී පිළිසකර කර දීමට පියවර ගෙන තිබුණි.

මේ අතර යුද හමුදාවේ අදාල කටයුත්ත දැක සාමාන්‍ය ගොවි ජනතාවද ප්‍රශංශා කරමින් යුදහමුදා ශ්‍රමදානය වෙනුවෙන් සහය දී ඔවුන්ද එක්ව පිලිසකර කිරීම් සිදු කරනු ලැබීය.

මේ අතර යුද හමුදා ශ්‍රමදානයට සහය දුන් සියලුම ගම්වාසීන් වෙනුවෙන් යුදහමුදාව විසින් දහවල් ආහාරවේලක්ද ලබා දීමට පියවර ගන්නා ලදි.

ශ්‍රමදානයට එක් වූ ගොවි ජනතාව කියා සිටියේ දිගු කලක් තිස්සේ නියගයෙන් බැට කෑමෙන් පසුව මෙ වන විට වර්ෂාව ඇදහැලීම තමන්ට සහනයක් වූ සේම ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා තම කුඹුරු වෙතට ජලය රැගෙන යාමේදී ඇතිවන ගැටලු වෙනුවෙන් විසඳුමක් ලෙස ඇලවේලී පිලිසකර කර දීමෙන් තමන්ට තවත් සහනයක් වූ බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,589 Viewers
Main News