යුද හමුදාව සිටි ගොඩනැගිල්ලක් වසර 28 කට පසුව භාර දෙයි…

November 6, 2018 at 2:17 am | lanka C news
යුද හමුදාව සිටි ගොඩනැගිල්ලක් වසර 28 කට පසුව භාර දෙයි…

යුද සමයේදී සහ යුද්දයෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මන්නාරමේ වසර 28 ක් පුරාවට යුද හමුදාව රැඳී සිටි සමූපාකාර ගොඩනැගිල්ලක් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට භාර දීමට පියවර ගන්නා ලදි.

මන්නාරම් නගරයේ පිහිටි අදාල සමූපාකාර ගොඩනැගිල්ලේ පසුගිය වසර 28 පුරාවටම රැඳි සිට සාමාන්‍ය වැසියන් වෙනුවෙන් යුද් සමයේදී හා යුද්දයෙන් පසුවද අවශ්‍ය ආරක්ෂාව එහි රැඳී සිටි යුද හමුදා නිලධාරීන් විසින් සැපයීමට පියවර ගෙන තිබුණි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පසුගියදා උතුරේ ආරක්ෂක අංශ ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබුනේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර ලබා දීමට අවධානය යොමු කරවන ලෙසටයි.

එම නිවේදනට අනුව මන්නාරම් පැරණි සමූපාකාර ගොඩනැගිල්ල තුල සිටි 54 වන සේනාංකාධිපති තුමන්ගේද අධීක්ෂණයන් පරිදි එහි නිලධාරීන් විසින් යුද හමුදා සෙබලුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව අද දින එම ගොඩනැගිල්ල සහ භූමිය මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙතට භාර දීම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,579 Viewers

One Comment to “යුද හමුදාව සිටි ගොඩනැගිල්ලක් වසර 28 කට පසුව භාර දෙයි…”

  1. දෙයියනේ මේ රට පාලනය කරන්නේ කොටිද? අපේ හමුදා ඉවත්කර කොටින්ට ඒ ස්ථාන බාරදෙන්නේ ඇයි? දේශප්‍රේමී අගමැතිතුමනි වහාම මෙම තීරණය බල රහිත කරන්න.

Main News