රංග බණ්ඩාරගේ බීමත් පුතුගේ වාහනයේ හැපී හතර දෙනෙක් රෝහලේ.. පොලීසිය නීතිය නැමුවාද..

April 25, 2017 at 9:20 am | lanka C news
රංග බණ්ඩාරගේ බීමත් පුතුගේ වාහනයේ හැපී හතර දෙනෙක් රෝහලේ.. පොලීසිය නීතිය නැමුවාද..

රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතාගේ මහතාගේ නිල රථයක හැපීමෙන් එකම පවුලේ සිවු දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ආනමඩුව අලූගොල්ල ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඇමතිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙනි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සැමියා බිරිද හා ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් සියළු දෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් දරුණු තුවාල ලබා ඇත. බිරිද සිවුමස් ගැබිනියකි.

වාහනයේ රියදුරු හා වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරු සිදුවෙද්දී රංගෙ බණ්ඩාර මහතාගේ පුත‍්‍රයා වාහනයේ සිටි බවට අනතුරට පත් වූවන් කියා සිටියත් එවැන්නක් වාර්තා වී නැතැයි පොලීසිය කියයි.

අනතුරට පත් පාර්ශවය සිදුවීම සම්බන්දයෙන් පවසන්නේ එම අවස්ථාවේ වාහනයේ සිටි ඇමතිවරයාගේ පුත‍්‍රයා ඇතුළු පිරිස බීමතින් සිටි බවත් වාහනයේ තවත් මත්පැන් තිබූ බවත්ය. හැකි දෙයක් කරන්නැයි ඇමති පුත‍්‍රයා තර්ජනය කල බවද ඔවුහු කියති.

8,787 Viewers

3 Comments to “රංග බණ්ඩාරගේ බීමත් පුතුගේ වාහනයේ හැපී හතර දෙනෙක් රෝහලේ.. පොලීසිය නීතිය නැමුවාද..”

  1. dilky says:

    lankawe balu neethiya will not help this family

  2. bend to bend says:

    හැකි දෙයක් කරන්නැයි ඇමති පුත්‍රයා කියා ඇත​.ඇත්තටම මොකුත් කෙරෙන්නේ නැත​.කකුල් කැඩුන උන් කකුල් සාදා ගත යුතුය​.පාරේ යන විට බල්ලන්ගෙන් ප්‍රවේශම් වීමට වග බලා ගත යුතුය​.නීතිය නමා දෙපරන්දේ ගසා ගත් උන්ගෙන් ආරක්‍ෂා විය යුතුය​.

  3. මගමරුවා says:

    චම්පක රණවක නීතිය මෙතනටත් ගැලපෙනවා.

Main News