රක්ෂණය නැතිනම් දඩය 25,000යි.. දඩ මුදල් සංශෝධන වාර්තාවට විරෝධය…

July 17, 2017 at 6:48 pm | lanka C news
රක්ෂණය නැතිනම් දඩය 25,000යි.. දඩ මුදල් සංශෝධන වාර්තාවට විරෝධය…

දඩ මුදල් සංශෝධන වාර්තාවට බලවත් විරෝධය පල කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දීරය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනී,

දඩ මුදල් සංශෝධන වාර්තාවට බලවත් විරෝධය

දඩ මුදල් සංශෝධනය පිලිබඳව ඔබ පත් කෙරු කමිටු වාර්තාව ඔබවෙත ප්‍රධානය කර ඇති බවත් එහි වමෙන් ඉස්සර කිරීම සදහා රු. 3000 ක දඩයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය සදහා රු. 25,000 දඩක් යෝජනා වී ඇති බවට මාධ්‍ය වාර්තා කොට තිබේ. එම යෝජනා සදහා ලංකාවේ මාර්ග පද්ධතියේ 50% ඉක්මවා ඇති දුප්පත් යතුරුපැදිකරුවන් නියෝජනය කරනා එකම සංගමයෙ කිසිදු එකඟතාවයක් නොමැති බවත්, එම යෝජනාවලට අපි දැඩි ලෙස විරෝධය පලකරනා බවට දැනුම් දීමට අපි කැමැත්තෙමු. යතුරුපැදිකරුවන් මංතීරු බේදීම(අධික වෙගය අනුමත කර ඇති ඇමරීකාවේ හැර, තදබදය අඩු කරගැනීමට ලොකයෙ සියලුම රටවල කෙරෙනා යතුරුපැදි සදහා නීත්‍යනුකූල දෙයක් Lane Splitting/Lane Sharing) කරන නිසාත්, ශ්‍රී ලංකාවේ කිසිම බුද්ධියක් නොමැති අන්ත දූෂිත මැර පොලිසියේ 95% පමණ නීතිය ක්‍රියාත්මක වන්නෙ අසරණ යතුරුපැදිවලට පමණක් නිසාත් යතුරුපැදිකරුවන් සියල්ලටම මේ අනුව දිනපතා රු. 3000 බැගින් ගෙවීමට සිදුවනු ඇත. තවද ලංකාවේ වැඩියෙන්ම යතුරුපැදි මාරක අනතුරු සිදුවී ඇත්තෙ වමෙන් නොව දකුනෙන් ඉස්සර කිරීමට යෑම නිසා බව දැනුම් දීමට අපි කැමැත්තෙමු.

රක්ෂණ සහතියක් නොමැතිකම සදහා රුපියල් 25,000 ක දඩයක් අය කරන්නෙ නම් තුන්වැනි පාර්ශව රක්ෂණ කල් ඉකුත්වීමට මසකට පෙර අයිතිකරු දැනුවත් කිරීම අනිවාර්ය විය යුතු බව සාකච්ඡාවලදී ද අපි මීට පෙර දැනුම් දී තිබුනී (ඉස්සර එය සිදු වුවත්, ඒවාවල ආදායම් රජයට ලබාගැනීම නිසා දැනට එය සිදුවන්නේ සම්පුර්ණ රක්ෂණ සදහා පමණි). වසරකට එක් වරක් කරනා දෙයක් අමතක වීම සුලභ මනුෂ්‍ය දුර්වලතාවයකි, මේ නිසා රුපියල් 20,000 වටිනා යතුරුපැදියක් පදවන අසරණ යතුරුපැදිකරුවෙකුට ඒ සදහා 25,000 ගෙවීමට සිදුවීම හෝ කුඩු කාරයෙක් මෙන් පොලිසියේ වහල්ලුන් බවට පත්වීමට සිදුවීම, අරක්කු බෝතල් ලබාදීමට සිදුවීම, ටයර් ලබාදීමට සිදුවීම, නිලධාරින්ගේ පෞද්ගලික ගමන් හා විනෝද චාරිකා සදහා ඩීසල් ලබාදීමට සිදුවීම, පිලිගත නොහැකි කාරනාවකී.

ශ්‍රි ලංකාවේ සමස්ත යතුරුපැදිකරුවා යනු ශ්‍රී ලංකාවේ පරිස්සමෙන්ම රිය පදවන පුද්ගලයන් බවට වාහන සංඛ්‍යාව හා සිදුවන අනතුරු සංඛ්‍යාව සන්සන්දනය කිරීමේදී තහවුරුවී තිබියදී තම ජීවිතයෙ කිසිදු දිනක යතුරුපැදයක් පදවා නොමැති පොලිසියෙ නිලධාරින් හා ඇතැම් මාධ්‍ය ඇතුලු පිරිස් සුලු සිද්ධින් ප්‍රමාණයක් ඇසුරෙන් කරනා ප්‍රකාශ පදනම් විරහිත හා විහිළු සහගත බවද, විනයෙ ගැටලු යතුරුපැදිකරුවන්ට පමණක් නොව රියදුරන් හා පදිකයින් ඇතුලු සමස්ත ජනතාවගේ ගැටලුවක් බවට අපි දැනුම් දීමට කැමැත්තෙමු. එයට විසදුම ඇත්තෙ නීතිය තුලින් හෝ පුද්ගලයන් තුලින් නොව ආගම තුලින් බවට දේශපාලනඥයින්ට හා ඔවුන් වටා සිටින අයට මතක් කර දීමට අපි කැමැත්තෙමු.

ඒකාධිපති පාලනය හා දූෂණය ප්‍රතික්ෂේප කරන ජනතාව පත් කෙරු ඔබේ රජයෙන් පත්කරනා කමිටු මගින් මෙවැනි අමානුෂික හා පොලිසියේ දූෂණය රජකනා දේ යෝජනා වීම ගැන අපි දැඩිලෙස කනගාටු වෙමු.

මේ නිසා යතුරුපැදිකරුවන් ලෙස මෙයට අපි විරුද්ධවන අතර එකල ඒකාධිපති මහින්ද රාජපක්ෂ සම්මත කෙරු රු. 50,000-300,000 වු දඩ මුදල අද සමස්ත යතුරුපැදිකරුවන් ඔහුගේ ගෝලයන් ලෙස සලකා එය යතුරුපැදිකරුවන්ට පමණක් ක්‍රියාත්මක කිරීමට හා ප්‍රමිතියක් නොමැති යතුරුපැදි ව්‍යාපාරවලට උවමනාවට ප්‍රමිතියක් ඇති ජපන් යතුරුපැදි මර්ධනය කිරීමට පොලිස් නිලධාරින්ට නියෝග දුන් අය අනුගමනය කරමින් දුප්පත් මිනිස්සුන් පාවාදෙමින් තවත් ඒකාධිපති නායෙකු මෙන් මෙම අසාධාරණ හා අමානුෂික වාර්තාවේ ඉහත කාරනා දෙකට අනුමැතිය ලබාදීමට කටුතු නොකරන ලෙස අසරණ යතුරුපැදිකරුවන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනීසිටිනා පොලිසියේ බලයට, දේශපාලනයට හා ව්‍යාපාරවලට යටත් නොවුනු සංගමයක් ලෙස අපි ඔබෙන් ඉතාමත් බැගෑපත්ව ආයාචනා කරමු.

මෙයට,
චිරන්ත අමරසිංහ,
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

13,123 Viewers

6 Comments to “රක්ෂණය නැතිනම් දඩය 25,000යි.. දඩ මුදල් සංශෝධන වාර්තාවට විරෝධය…”

  1. YAMA DUTHA says:

    There is no choice other than this YAMAPALANA robbers send to home

  2. රජින්ද says:

    “ශ්‍රි ලංකාවේ සමස්ත යතුරුපැදිකරුවා යනු ශ්‍රී ලංකාවේ පරිස්සමෙන්ම රිය පදවන පුද්ගලයන් බවට වාහන සංඛ්‍යාව හා සිදුවන අනතුරු සංඛ්‍යාව සන්සන්දනය කිරීමේදී තහවුරුවී තිබියදී……” 🙂 මේ පුවතට ඍජුවම අදාළ නොවුනත්, බොහෝ රථවාහන අනතුරු සිද්ධ වෙන්න ලංකාවේ යතුරුපැදි සහ ත්‍රී වීලර් හේතු වෙනවා.

  3. YAMA DUTHA says:

    This YAMAPALANA roobers are try to suk blood of oeople to get luxury motor cars and houses. We must end this

  4. Kabba says:

    පිස්සු ෆුට් සයිකල්

  5. Nana says:

    Kochchara Hondadda? Otogollagema daruwan gedara enthuru bayen nedda ?

  6. Herman says:

    Who is this amarasinhaya? This kalakanniya was supporting noisy pada mobile karayas nuisance. Police should catch these boru chandiyas and charge them.

Leave a Comment

Main News