රක්ෂිතයේදී මහපරිමාන බුරුත දැව ජාවාරමක්

December 28, 2017 at 2:02 am | lanka C news
රක්ෂිතයේදී මහපරිමාන බුරුත දැව ජාවාරමක්

මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් අද (27) අළුයම දින මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බුරුත දැව ජාවාරම පිළිබඳව ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලාරීන් විසින් පූමාලන්දාන් කැලෑවේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවෙන් කපන ලද බුරුත ගස් තොගයක් යතුරුපැදියක්, දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අදාල වැටලීම සිදු කරන අවස්ථාවේදී ජාවාරම් කරුවන් එම් ස්ථානයේ නොසිට ඇති අතර අදාල ජාවාරම් කරුවන් සොයා පරික්ෂණ කටයුතු මඩු අඩවි කාර්යාලය මිග්න ආරම්භ කොට ඇත.

පලු දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා මඩු වන නිලධාරීන් වන එම්.වී.සංජීව, මාරසිංහ,සුමිත් ධනංජය, කාරියවසම් යන අයද මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උපපොලිස් පරික්ෂක වරුන් වන ඒ.බී.වන්නිආරච්චි, ජේ.එම්.බංඩාර, පොලිස් සැරයන් වරුන් වන ප්‍රියාදර්ශන්, 69063 නානායක්කාර, පොලිස් කොස්තාපල් වරුන් වන 83574 සේනාරත්න, 87754 මධුෂංඛ, 84102 අසංක, 86982 චින්තක, 69257 මෙන්ඩිස්, 80552 සිල්වා, යන අය විසින් මෙම සොදිසි මෙහෙයුම් සිදු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,154 Viewers

3 Comments to “රක්ෂිතයේදී මහපරිමාන බුරුත දැව ජාවාරමක්”

  1. ලිහිණි says:

    අන්තවාදී දේශපාලකයින්ගේ මැදිහත්වීමෙන් රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ඉඩහැරීම, පුරාවස්තු වනසා දැමීම, ජාතික සම්පත් විකුණා දැමීම මෙන්ම සයිටම් වැනි රටට බලපාන වැදගත් කිසිදු ගැටලුවකට විසඳුම් ලබාදීමට උත්සාහ නොකොට ගැටලුව මතුකර පෙන්වන්නන් හට සංවිධානාත්මක ලෙස පහරදීම හා නින්දා අපහාස කිරීම දිගින්දිගටම සිදුවෙමින් පැවැතීම.
    අපේ රටේ ජාතික සම්පත් මුස්ලිම් ඇමතිලාට දේශපාලන වාසි වලට දොලපිදේනි වලට පුදන්නේ. සිරිසේනගේ යමපාලන සංහිදියාව ද මේ ?
    සිරිසේන මේ රට ඔබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ ..මේ සියල්ල සිංහල ජනතාවගේ ලක්බිමේ ජාතික සම්පත් .
    ඔබ ව පත් කලේ .වසර කීපයකට බලයට පත්වී බලතන්හාවෙන් අන්ධවී අපේ මව් බිමේ ජාතික සම්පත් විනාශකිරීමට නොවේ ..කරුණාකර ජනපති සිරිසේන ඉල්ලා අස්වී ගෙදර යන්න ඔබත් ඔබේ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිලාත් අපේ රටට පිළිලයක්

  2. ගිරවා says:

    කටාර් වලින් ගලාගෙන එන මුදල් වල බලේද මේ ?
    අද නැගෙනහිර වන රක්ෂිතයම බදියුදීන්ගේ බුදලය වෙලා ..පරිසර ඇමති සිරිසේන, මුසල්මානු දේශපාලනංඥයෙක්ගේ සාක්කුවේද ?
    සිරිසේන නිදිද ? කෝ ඔබේ කඩුව ?
    ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිස, එහි යන විට එම ත්‍රස්ථවාදින් සමග පැමිණි ළමයින් 6 දෙනෙකු පාසල් වලටත් දමා ඇති බව අනාවරණය වි තිබෙි. සිංහල දෙමාපියන්ට ළමයෙක් පාසලකට දමා ගැනීමට කොතරමි ආමාරැදැයි ඔබ අපි කවුරැත් හොදින් දනි. නමුත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක්වත්, වලංගු විසා අවසර පතක්වත් නොමැතිව මෙම ත්‍රස්ථවාදින් පිරිස ඔවුන්ගේ ළමයින් පාසලට දමා ඇත්තේ ප්‍රබල මුසල්මානු දේශපාලනංඥයෙක්ගේ රැකවරණය යටතේ බව දැන් හෙළිව තිබෙි.
    What a Shame Yamapalanaya? President Sirisena please resign & go home

  3. සුනිල් says:

    මැදපෙරදිග භූදේශපාලනයට කෙලින්ම වගකිවයුතු බටහිර රටවල්වල ඉත්තන්වූ සෞදි අරාබිය, කටාර් හා එමිරේට් රාජ්‍යයන්, ඉරාකය, ලිබියාව, සිරියාව, යේමනය යන රටවල් ලේ විල් බවට පත්කරපු හැටි හොඳහැටි දන්නා අපේ රටේ ඉන්න මුස්ලිම් දේශපාලුවන්, බටහිර ගැති එකී රටවල සල්ලිවලින්ම යැපෙමින්, අපේ මවුබිමත් මැදපෙරදිග කාන්තාර රටක් බවට පත්කිරීමේ කොන්තරාත්තුව බාරගෙන තිබේ. රිෂාඩ් බදුදින්ගේ මුස්ලිම් ගෝලයන් (සෝවියට් ශිෂ්‍යත්ව හරහා පරණ සෝවියට් සමුහාන්ඩුවක් වන යුක්රේනයට ගොස් ( එවකට ඒ රට කලුසල්ලි හොයන තෝතැන්නක් වූ නිසාවෙනි.) හිටපු ආණ්ඩු සමයන් තුළ, එනම් , චන්ද්‍රිකා, මහින්ද රාජපක්‍ෂ යුද්ධය පවතී පාලනයන් තුළ සමයේ, බුරුතු පිටින් කොටි ත්‍රස්තයන් යුරෝපයට මුදල් ගෙන පිටමන් කිරීමට කෝටි ගණන් සල්ලි අරන් කටයුතු කලේද මෙම රිෂාඩ් බදුදීන් කල්ලියයි. ඒ බව එවකට එහි ඉගෙනුම ලැබූ ශ්‍රී ලාකික ශිෂ්‍ය ප්‍රජාව සාක්ෂි දරනු ඇත. මුන්ට මුදල් ලැබෙනවා නම්, අම්මා, අප්පා වුනත් විකුණන ජරා ජාතියකි.

Main News